පොලිසිය ගානේ ලිඳක් සුද්ද කර ගෙන




 අමිල ගුණරත්න

 පුද්ගලික සමාගමක රස්සාව සඳහා පැමිනි තරුණයෙක් වසර තුනකට කලින් සිදු වූ මිනී මැරුමක් ගැන ආරූඪවී කියූ දෙයක් සිරියස් ලෙස පිලිගත් බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. කවිරත්න මහතා  බියගම කොළඹහේන වත්තේ නිවෙසක අතහැර දැමූ ළිඳක් ඉස පරීක්‍ෂා  කලේය​. පොලිසියට හමු වූයේ තැඹිලි කෝම්බයක් පමණි.    අවසානයේදී  පොලිසිය ලවා නොමිලේ ලිඳ ඉස ගැනීමට ලිඳ අයිතිකරුවාට හැකි විය​.