අබිමානවත් කහතුඩුව පොලිසිය;- ළමා අපයෝජනය සහ වදහිංසාව



හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ පොලිසිය හදුන්වන්නේ අබිමානවත් පොලිසියක් ලෙසයි. නමුත් එම පොලිසිය සිදුකරන අපරාද වල අඩුවක් නැත. එම දුෂිත අපරාද අතරට වදහිංසා කිරීම සහ බොරු නඩු දැමීම ප්‍රමුක වේ. මේ සිද්දිය කහතුඩුව පොලිසිය 16 හැවිරිදි දරුවකුට කළ වදහිංසා පැමිණවීමක් පිලිබදවයි. එම 16 හැවිරිදි අවිදු පුෂ්පික 2013.08.14 දින මානව හිමිකම් කොමිසම ඇතුළු අදාල බලදාරීන්ට ජනසන්සදයේ සහය ඇතිව කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ.


01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
     ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     ගල්කිස්ස

04. සභාපතිනී                 (පී.පී./13 /08 /230*
    ළමාරක්ෂක අධිකාරිය
    330, තලවතුගොඩ පාර
    මාදිවෙල                    

05. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය 
     අංක 16 
     සුබෝධා ගොඩනැගිල්ල
     පාගොඩ පාර
     නුගේගොඩ

ලිඛිත පැමිණිල්ල

අවිඳු පුෂ්පික ගමආරච්චි, වයස අවු: 16 යි, මෙතෝදිස්ත උසස් විදුහල, පුවක් අරඹ, 11 වන වසර ඉගෙනුම ලබයි. ලිපිනය: 8/එ්, හමුදා මාවත, මොරටු මුල්ල, මොරටුව.

2013.08.14 වන දින දීය.

2013.08.10 වන දින කහතුඩුව පොලීසියට පැමිණිල්ලක් විභාග කිරීමට මාගේ මව වන සංජීවනී ක`ඵආරච්චිව එම පොලීසියෙන් කැඳවා තිබූ අතර එදින මාගේ මව පොලීසියට මාවද කැඳවාගෙන ගිය බව ප‍්‍රකාශ කරමි.
මාගේ මව හා පියා අතර පවතින ආරවුලක් සම්බන්ධව මෙම විභාගය පැවති බවත් තවද, මාගේ මව විසින් එම පැමිණිල්ල සඳහා මාගේ පියාගේ සොහොයුරිය හා තවත් අයව නම් කර තිබුණි. නමුත් පැමිණිලි විභාගය සඳහා පැමිණ සිටියේ මාගේ පියාගේ සොහොයුරිය හා ඇගේ ස්වාමි පුරුෂයා හා ඉන්ද්‍රාණි නම් නෙතාරිස්වරියකි. පැමිණිල්ල පොලිස් ස්ථානාධිපති විභාග කළ අතර එම අවස්ථාවේ මාගේ මව පැමිණිලි විභාගය සඳහා මාගේ පියා හා තවත් අය පැමිණි නැති බැවින් එ් අය නැතිව පැමිණිල්ල විභාග කිරීම අසාධාරණ බව ප‍්‍රකාශ කරන ලදි. එහිදී ස්ථානාධිපතිවරයා මාගේ මවට උස් හඬින් කතා කොට උඹ මට නීතිය උගන්වන්න එනවාද කියා බැන වැදුනේය.

එම බැන වැදීමෙන් මාද මහත් පීඩාවට පත්විය. දිගින් දගටම පැමිණිලි විභාගයේදී මාගේ මවට අසාධාරණ  වන ආකාරයට පැමිණිලි විභාග කළ බවත් ස්ථානාධිපතිවරයා මාගේ මවට කිසිම ඇහුම්කන් දිමක් නොකළ බවත්, මවට අපහාස වන ආකාරයෙන් බැන වැදුනේය. පසුව එම නිලධාරීවරයා දෙපාර්ශවයටම කටඋත්තර ලබා දෙන්න යැයි පැවසීය. පසුව මමත් මවත් ඉන්ද්‍රානි යන අයත් මාගේ පියාගේ සොහොයුරියද ඇගේ ස්වාමි පුරුෂයාද එම ප‍්‍රකාශ ලබා දෙන ස්ථානයට පැමිණ සිටියාය. නොතාරිස්වරිය ලෙසට හඳුන්වන කාන්තාව ඇය වාඩි වී සිටි පුටුවෙන් නැගිට ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට යනවා මා සහ මව දුටු බවත්, ටික වේලාවකින් ස්ථානාධිපතිවරයා පරුෂ වචන කියමින් අප සිටින පැත්තට පැමිණිය බවත් නමුත් එ් කාට දැයි මා දැනුවත් නොවූ බවත් මා ළඟටම පැමිණි ස්ථානාධිපතිවරයා මගේ ගෙල මිරිකා හිසට පහර දී මගේ මුහුණට අත මිට මොළවා වැරෙන් ඇන්නේය. නමුත් මා දැනුවත්ව කිසිදු වරදක් නොකළේය.  මට පහර දෙන අවස්ථාවේදී මාගේ මව මැද්දට පැන ස්ථානාධිපතිවරයාගෙන් මා බේරා ගන්නා  ලදි. එම අවස්ථාවේදී මාගේ බාප්පා වන සුරංග මේ සිද්ධිය දැක ඇති අතර ඔහුට කිසිවක් කර කියාගත නොහැකිව ඇත. ඉන් පසු මාගේ මව හා ඔහු මාව බසයකට නංවාගෙන ක`ඵබෝවිල රෝහලට රැුගෙන එන ලදි. 

මාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් හදිසි අනතුරු එ්කකයට මා යොමු කළ බවත් එහි ප‍්‍රතිකාර කොට පසුව 25 වන වාට්ටුවට මාරු කර යවන ලදි. 

එදිනම මාගේ මව පොලිස් සහන මැදිරියට, පො.අධිකාරී, ගල්කිස්සට මට පහර දීම සම්බන්ධව පැමිණිලි කර තිබුනි. සහකාර පොලිස් අධිකාරී මොරටුව එදින රාත‍්‍රියේ 9.30 ට පමණ, රෝහලට පැමිණ මාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේය. රෝහල් ගතව සිටියදී මාව එක්ස් කිරණ පරීක්ෂණ සදඟා යොමු කළ අතර සී.ටී. ස්කෑන් පරීක්ෂණයට යොමු කළ අතර, පසුව මාගේ ගෙලට කොලරයක් දමන ලදි. අධිකරණ වෛද්‍යවරයාද මා පරීක්ෂා කරන ලදි. තවද මාගේ දත් සම්බන්ධවද පරීක්ෂණයකට යොමු කරන ලදි.  2013.08.13 වන දින රෝහලෙන් මා නිදහස් කරන ලදි. 

මේ අතර මාගේ මව දුරකථනයෙන් ළමා අධිකාරියට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත්, ළමා අධිකාරියේ පැමිණිල්ල සඳහා පී.පී./13 /08 /230 යටතේ පැමිණිල්ල ලියාපදිංචි කර තිබුණි. 

මා ඉල්ලා සිටින්නේ 

මා හට අමානුෂික ලෙස පහර දී වධහිංසා කළ කහතුඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගනන්නා ලෙසත්, 

කිසිදු වරදක් නොකර ඉන්ද්‍රානි යන නොතාරිස්වරිය මා හට ව්‍යාජ චෝදනා කරන්නේ නම් ඇයට විරුද්ධවත් නීතිමය පියවර ගන්නා ලෙසත්ය.

අවිඳු පුෂ්පික ගමආරච්චි