පිළියන්දල පොලිසිය; - අපරාදකරුවන් ආරක්ෂා කරයි.



හර්ෂි සි. පෙරේරා

රටේ නීතිය මත පාලනයක් නැත. දුමින්ද සිල්වාගේ සිට ගමේ චන්ඩියා දක්වා නිතිය ක්‍රියාත්මක නොවේ. රූකාන්ත චන්ද්‍රලේකා සිද්දියේදී ඉහළ අදිකරණයකින් වැරදිකරුවන් වූ අයට එම වින්දිතයින් සමාව දෙනු ලැබිණි. නීතිය මත පාලනයට හිමි තැන රජතුමා විසින් ආදේශ කරගෙන අවසන්ය. මේ ඉන්ද්‍රානි මුහුණ දුන් සිද්දියයි. ඇගේ පුතාට වදහිංසා පැමිණවුවන් නිදැල්ලේය. පිළියන්දල පොලිසිය අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටි. 

01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01


03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
     ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     ගල්කිස්ස

ලිඛිත පැමිණිල්ල

පල්ලයා ආරච්චිගේ ඉන්ද්‍රානි, වයස අවු: 39 යි, විවාහක දරුවන් 02 යි, (ජා.හැ.අ.738053923 V) ලිපිනය: 96/1, එල්.එස්. වත්ත, බටකැත්තර, මඩපාත. දු.අ. 075 4602046 

2013.08.15 වන දින දීය.

මග්ගනගේ හර්ෂ මධුසංඛ වයස 18 යි, මාගේ පුතා වේ. 

2013.08.04 වන දින රාත‍්‍රි, අප ප‍්‍රදේශයේ පදිංචි එන්. දිනේෂ් සුජීව පෙරේරා හා ඔහුගේ බිරිඳ පියුමී යන අය මාගේ පුතාට අමානුෂික වධහිංසා කර තියුණු ආයුධයකින් කපා අත් දෙකටම බරපතල තුවාල කර ඇත. එදින සිට මෙම් දක්වාම ක`ඵබෝවිල රෝහලේ 20 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබයි. 

මෙම අපරාධයට එරෙහිව 2013.08.04 වන දින රාත‍්‍රියේ මාගේ ස්වාමි පුරුෂයා වන එම්. සුරේෂ් යන අය පිලියන්දල පොලීසියට පැමිණිලි කර ඇත. නමුත් අපරාධකරුවන් වන දිනේෂ් සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් නිදැල්ලේ සිටී. 

පිලියන්දල පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරයි. එ් සම්බන්ධව විමසීමේදී ප‍්‍රකාශ කරනුයේ ”උෘට තව නඩුවක් තියෙනවා 21 වෙනිදා ට ඉදිරිපත් වෙයි යනුවෙනි” මීට පෙරද දිනේෂ් හා ඔහුගේ මල්ලී වන සංජීව අපට පහර දීම හා නොයෙකුත් හිරිහැර මරණ තර්ජන කර තිබුනි. එ් සම්බන්ධව අප පිලියන්දල පොලීසියට පැමිණිලි කළද නිසි නීතිමය පියවර නොගෙන සමථ මණ්ඩලයට යොමු කරන ලදි. 

දිනේෂ් යන අය මීට පෙර මාගේ පුතාගේ අත කපන බවට තර්ජනය කරන ලදි. මේ සම්බන්ධව මා පිලියන්දල පොලීසියට පැමිණිලි කළද ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගත් අතර එ් සම්බන්ධව විමසීමේදී ”තවම අත කපලා නෑනේ” යැයි පොලීසිය ප‍්‍රකාශ කරන ලදි. පිලියන්දල පොලීසිය මේ ආකාරයෙන් මෙම අපරාධ කරුවන් අරක්ෂා කරනු ලබන්නේ දිනේෂ් නැමැති අය නීති විරෝධී කටයුතු වල නියෙලෙන පුද්ගලයෙකු බවත් පොලීසිය ඔහු සමග කිට්ටු සම්බන්ධතා පවත්වන බැවිනි. 

එබැවින් මා ඉල්ලා සිටින්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන පිලියන්දල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් 

මාගේ පුතාට බරපතල ලෙස තුවාල කළ දිනේෂ් හා ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, 

මටත් මාගේ පවුලේ අයටත් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසත්ය.

පල්ලයා ආරච්චිගේ ඉන්ද්‍රානි