පිබිදෙන ආශ්චර්ය;- තමන් මිනීමැරුබව ප්‍රසිද්දියේ කියයි.

 
 
 
හර්ෂි සි. පෙරේරා
 
ඉලන්දාරි දේව දයිලින් නෝනා 55 හැවිරිදි විවාහක කම්කරුවකු ලෙස සේවය කරන්නීය. ඇගේ සුවාමිපුරුශයා තොම්මයා හකුරු සෝමතිලක වයස අවුරුදු 49 යි උපතින්ම එක ඇසක් අන්දව ඇති අතර අනෙක් ඇසේද පෙනීම දුර්වල තත්වයේ පසුවේ.ඔවුන් අංක 271, ඉහල මාලවල, රන්තොටුවිල ගාල්ලේ පදිංචිවී සිටි. ඔවුන් වසර 61 ක් පුරා රජයේ බලපත්‍ර මත පදිංචි ඉඩමෙන් නෙරපා හැරීමට යාබද ඉඩමේ හිමිකරු වන ජිනසේන සෝමසිරි සහ ඔහුගේ පවුලේ උදවිය කටයුතු කරමින් සිටි. 1970 වසරේදී දයිලින් නෝනාගේ පියාව ගාතනය කෙරිණි. ඒ පිලිබදව නඩුවක් පැවතුනද සාක්ෂි නොමැතිවීම මත සැකකරුවන් නිදහස්වී ඇත. ජිනසේන සෝමසිරි යන අය ඔවුන්ට බැන තර්ජනය කරන්නේ පියා මාරුවේද තමන් බව කියමිනි. මේ පිළිබද උරුගස්මන්හන්දිය පොලිසියට පැමිණිලි කලද කිසිදු වැඩක් වී නැත. 2012.10.04 වන දින දයිලින් නෝනා මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්ට ලිකිතව පැමිණිලි කරන ලදී. -->