නාහෙටත් උඩින් යන්න ගල් අඟුරු ගෙන්වති

නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය තරම් ගල්අඟුරු තිබියදී ඉන්දුනීසියාවෙන් 2013 වසර සඳහාත් ගල්අඟුරු ටොන් මිලියන දෙකක්‌ ඇනවුම්  කොට තිබේ. මෙලෙස විශාල ඇනවුමක් දී තිබෙන්නේ විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවකදීය. දැනට මෙම බලාගාරයට අවශ්‍ය කෙරන ගල් අඟුරු තොගය ඉදිරි වසර හතර   සඳහා සෑහෙන නමුත් මේ සා විශාල ඇනවුමක් මත ගල් අඟුරු  ටොන් මිලියන දෙකක්‌ ගෙන්වීම පිලිබඳ අත යට ගනුදෙනු තිබෙන බව  විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති. ගල් අඟුරු ටොන් එකකින් අවමය රුපියල බැගින් කොමිස් ලැබුවහොත් ලැබෙන මුළු මුදල  පමණක් රුපියල් මිලියන දෙකකි. 

අමිල ගුණරත්න