මාස් රශ්දී ;- "පොලිස් සහතිකය මැගසින් එකින් කෙළවර වේ".


හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් සින්හවංශ මාෂ් රශ්දී ය. කොලබ පදිංචිව සිටි. ඔහුට එරෙහි චෝදනාව 2011.05.10 දින පොලිස් නිලදාරිනි සිංහ ආරච්චිලාගේ රේණුකා ජයසුන්දරගෙන් රුපියල් 8000 ක් සොරකම් කිරීමය. 2011.05.20 දින ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඔහු මසක කාලයක් මැගසින් බන්දනාගාරයේ සිටියේය. ඔහුට එරෙහි නඩුව තවම විබාග වේ. ඔහු පවසන ආකාරයට ඔහු කොටුව පොලිසියට ගියේ පොලිස් සහතිකයක් ලබා ගැනීමටය. එය ප්‍රමාදවීම නිසා ඔහු නිරතුරුව පොලිස් ස්ථානයට ගොස් ඇත. 2011.05.10 දින ඔහු පොලිසියට ගියවිට ඉහත චෝදනාව නගා ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ නඩුව නිසා ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැක. ඔහුට විදේශ ගතවීමටද නොහැක. දැනට ඔහු දැඩි මානසික පීඩාවකට ලක්ව සිටි. ඔහු සදාරණය ඉෂ්ට කර ගැනීමට මානව හිමිකම් කොමිසමට ගියද, ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සටන් කරන බවට ජනතා පොරොන්දු දෙන දේශපාලනඥයින් හමුවුවත් මේ වනවිට ඒ කිසිවකින් වැඩක් වී නැත.