ඉන්දියාව;- වසර 12 ක ශාමිලාගේ උපවාසය වාර්තා පොතට.



හර්ෂි සි. පෙරේරා

ඉන්දීය කාන්තාවක් වන ඉරොම් ශාමිලාගේ උපවාසයට දැනට වසර 12 කි. ඇය මෙම විරෝදය පල කරන්නේ හමුදා අංශ වලට නිතිය මගින් සුවිශේෂ බලතල දීමට විරුද්දවය. මෙය ඇදහිය හැකිද නොහැකිද යන රිපිලි ඇදහීම නම් වාර්තා පොතට ඇතුලත්ව තිබේ. 40 හැවිරිදි වියේ පසුවන ඇය 2000 නොවැම්බර් මාසයේ සිට මනිපුර්හි මෙම උපවාසයේ යෙදේ. එදා සිට අද දක්වාම නාසයට ඇතුළු කල නලයක් මගින් බලහත්කාරයෙන් ඇයට ආහාර ලබා දෙයි. මෙම වාර්තාවෙන් ඇයට මනිපුර්හි යකඩ ගැහැණිය යන විරුදාවලිය ලබා දී ඇත. ආණ්ඩුව විසින් යුද හමුදා විශේෂ බලතල පිළිබද පනත අහෝසි කරන තුරු ඇය සිය උපවාසය අත්නොහරින බව කියා සිටි. විවේචකයින් පවසන ආකාරයට මෙම හමුදාවට දී ඇති විශේෂ බලතල ඔවුන් බෙදුම්වාදී කැරලිකරුවන්ට සහ වාමවාදී විප්ලවවාදීන්ට එරෙහිව සටන් කිරීමේදී අයතා ලෙස බාවිතයට ගනී.