නෙල්සන් මන්දේලා සහ අපේ රජා.


හර්ෂි සි. පෙරේරා

නෙල්සන් මන්දේලා අවුරුදු 20 ගණනකට වඩා සිරබත් කෑවේය. පොලිසිය ඔහුට වදහිංසා පැමිණවිය. සිරගෙදර ජේලර් වරු ඔහුට අඩන්තේට්ටම් කළහ.නිදහස් වීමෙන් අනතුරුව ඔහු නැවත අවි ආයුද අතට ගත්තේ නැත. එසේවුයේ නම් ජනතා සහය ඔහුට ලැබීම අනිවාර්ය වේ. නමුත් ඔහු ප්‍රචන්ඩත්වයට ප්‍රජාතන්ත්‍රවාදය ආදේශ කළේය. ඔහු ජනපති ලෙස දිවුරුම් දීමේ උත්සවයට ඉහත සදහන් පොලිසියට මෙන්ම බන්දනාගාර පරිපාලනයට ද ආරාදනා ලැබිණි. ඒ ඔවුන්ගෙන් පලිගැනීමට හෝ ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමට නොවේ. සමාවදිමටයි. වැරැද්ද ඇත්තේ ඒ ඒ පුද්ගලයා මත නොව ක්‍රමවේදයේ බව පෙන්වා දීමටයි. නමුත් මෙවන් දෙයක් අපේ රටේ සිදුවේද? අපේ බාල පරපුරට මෙවන් සමාවදීමක් පිළිබද ආදර්ශය දීමට මේ රටේ කොපමණ කාලයකට නායකයෙක් බිහිවේද? අපේ රජා සමාව දීම කෙසේවෙතත් කළගුණ සලකන අයුරු ෆොන්සේකා සාදකයෙන් මානව ඔප්පු වේ.