පොලිසිය ඇයි අපිට හිරිහැර කරන්නේ?



අද වෙසක් මංගල්යේ දෙවන දිනයි. පොලිසියද දර්මදෙෂනා,වෙසක් කුඩු සහ බැති ගී වලට දායක වෙයි.

"ඇය පද්මා වර්ණසුරිය නම් වේ. 30 හැවිරිදි වියේ පසුවන ඇය දෙදරු මවකි. පානදුර අලුබෝමුල්ලේ පදිංචිව සිටි. 2012.04.16 දින සවස පානදුර පොලිසියෙන් ඇගේ නිවසට පැමිණේ. නිවස සෝදිසි කිරීමෙන් අනතුරුව නාමින් සිටි පද්මාට පහර දී ඇත. පානදුර පොලිසියේ නයනජිත් නැමැත්තා ඇගේ අතක්ද සපා කා ඇත."

එහෙවු පොලිසියක් කාන්තාවන්ට සලකන්නේ ඉහත ආකාරයටයි. මෙයින් කාන්තාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය හැසිරෙන ආකාරය පිලිබිබු වේ.

තවද මේ තුලින් දකුණු ආසියානු රටවල රාජ්‍ය ආයතන වලට පුරුෂදිපත්‍ය සහ දේශපාලනය පැතිර ඇති ආකාරය පිලිබිබු කරයි.

පොලිසිය සිය නීතිවිරෝදී හැසිරීම ආරම්බ කරන්නේ පැහැදිලිවම 1971 කැරැල්ලෙන් පසුවයි. ඉන්පසුව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවකට මෙම පොලිසිය තුල පවත්නා නිතිය මත පාලනයක් නොමැතිවීම අංශු මාත්‍රයකින් හෝ වෙනස් කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ ඉහලම අදිකරණය එනම් ශේස්ට්‍රදිකරණය සුප්‍රසිද්ද නඩු තීන්දු එනම් විවියන් ගුනවර්දන නඩුවේදී මෙන් කාන්තාවට එරෙහි පොලිසිය සිදු කරන මානව හිමිකම් උල්ලන්ගනයන් ගැන ශේෂ්ට්ර තීන්දුද ලබා දී ඇත. මෙම නඩු තීන්දු වලින් කිසිදු වැඩක් වී නැත.

ගෙදර ගුටිකන ගැහැණියට ආණ්ඩුවේ නිලලත් ආයතනයක්ද පහර දෙයි.

එය ආණ්ඩුව කාන්තාවන්ට ලබා දෙන නිසි තැන මෙන්ම සම තැන කොයිබටද යන්න ගැන මනා අවබෝදයක් ලබා දෙයි. අපිට කරන මෙම හිරිහැරය නතර කර ගැනීම ආණ්ඩු වෙනසකින් පමණක් සිදුකල නොහැක. ඒ සදහා සමස්ත යුක්ති ක්‍රියාදාමයේම වෙනසකට කාන්තාව පෙරමුණ ගත යුතුව තිබේ.