රැගෙන යනු මැන ජය භූමී කරා

පාසල් යන කාලයේ අප සෑම දෙනාම අපගේ ජාතික ගිය වන ශ්‍රී ලංකා මාතා ගැයුවෙමු. එම ජාතික ගීයේ රැගෙන යනු මැන ජය භූමී කරා යන කොටස තේරුම් ගීයේ බොහෝ කාලයකට පසුවය. ජාතික ගීයේ මේ කොටස බලන්න.

ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා

රැගෙන යනු මැන ජය භූමී කරා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? රැගෙන යා යුත්තේ සේදවත්තටද , කෙහෙල්වත්තටද , අත්තනගල්ලටද , මැදමුලනටද ? මේ කොහාට ගියත් වගතුවක් නැත. ඒවා ජය භුමි නොවේ. එසේනම් ජය භුමිය ඇත්තේ කොහෙද ?

ඔස්ට්‍රේලියාව සෙසු ලෝකයා හඳුන්වන්නේ ලකී කන්ට්‍රි හෙවත් වාසනාවන්ත ජය භූමියක් ලෙසටය. මේ අනුව පාසල් කාලයේ සිට අපට උගන්වා ඇත්තේ කෙසේ හෝ ජය භුමිය කරා යාමටය.
එනම් ඔස්ට්‍රේලියාවට යාමටය. ලාංකිකයන් අහස්යාත්රාවෙන් , නැවෙන්, ට්‍රෝලර් එකෙන් , ඔරුවෙන් ඔස්ට්‍රේලියාවට යාමට දත කෑම දැන් තේරුම් ගත හැකිය.

ඔබ වේ අප විද්‍යා - ලංකාවේ වගේ නොව ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය දියුණුය
ඔබ මය අප සත්‍යා - එසයිලම් පාර දමාගැනීමට ලාංකිකයන් කියන ඕනෑම බොරුවක් සත්‍ය ලෙස ඕස්ට්‍රේලියානු නිලධාරීන් විශ්වාස කරති
ඔබ වේ අප ශක්‍ති - කුලියක් මලියක් කොට හෝ ඩෝල් එකක් දමාගෙන ගානක් හොයාගෙන ආර්ථිකව ශක්තිමත් වීමට ඔස්ට්‍රේලියාව උපකාර කරයි
අප හද තුළ භක්‍තී - ගොඩ එන්නට උපකාර කරන නිසා ඔස්ට්‍රේලියාව ගැන භක්තිය වැඩිවේ
ඔබ අප ආලෝකේ - අඳුරේ මෝඩ දේශපාලක බුරුත්තක් සමග නිෂ්එල ගමනක යන ලාංකිකයාට ඔස්ටේලියානු දේශපාලන ගමන ආලෝකයකි
අපගේ අනුප්‍රාණේ - ජීවිතය ගොඩ දා ගැනීමට උපකාර කරන නිසා ඔස්ට්‍රේලියාව අපේ මිනිසුන්ගේ ප්‍රාණය හා සමානය
ඔබ අප ජීවන වේ - එහෙ ගිය කෙනෙක් වැරදිලාවත් හෝ යලි මෙහෙ එන්නේ නැත එම නිසා ඔස්ට්‍රේලියාව ජීවනය වේ.
අප මුක්‍තිය ඔබ වේ - ලංකාවට පැමිණි වෙලාවක සුදු වන එකකින් පැහැර ගත්තද බේරා ගැනීමට ඔස්ට්‍රේලියාව මැදිහත් වෙයි ඒ නිසා ඔස්ට්‍රේලියාව මුක්තිය වේ.

මේ අනුව ලංකාවේ විප්ලව කොට ගුණරත්නම්ලා , චම්පා සෝමරත්නලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම වැරැද්දක් නැත. පොඩි කාලයේ සිටම ලංකාවේ ළමයින්ට උගන්වා ඇත්තේ ජය භූමී කරා යාමටය.

රණරාළ