දිවයින : හොරු කණ්ඩායම විජයමුණි සොයිසා ගේ

| අමිල ගුණරත්න

2012 අප්‍රේල් 17 දිවයින පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වේ.

කතරගම තම්මැන්නා මැණික්‌ නිධියෙන් ඉල්ලම් පස්‌ තොගයක්‌ සොරාගෙන යමින් සිටි පිරිසක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත් වී තිබේ. හොරු කණ්‌ඩායම නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්‍ෂකයන් බව ද දැන ගන්නට තිබේ. මොණරාගලට අයත් මේ නියෝජ්‍ය ඇමැතිතුමාගේ නම කීමෙන් අපි දැනට වැළකී සිටින්නෙමු.
(2012 අප්‍රේල් 17 දිවයින කතුවැකිය )

දිවයින නොකියන නියෝජ්‍ය ඇමැතිතුමාගේ නම අපි කියමු. මොණරාගලට අයත් මේ නියෝජ්‍ය ඇමැතිතුමාගේ නම ගාමිණී විජිත් විජයමුණි සොයිසා ය. ඔහු තනතුර ලංකාවේ අධ්‍යාපන නියෝජ්‍ය ධුරයයි. කතරගම තම්මැන්නා භූමියේ අංක 02 ඉඩම් කැබැල්ලේ රහසිගතව ඉල්ලම් හාරා ඉල්ලම් පස්‌ හොරෙන් ප්‍රවාහනය කරමින් සිටියේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා ගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනෙකුද මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවකයන් දෙදෙනෙකු හා හා බුත්තල ව්‍යාපාරිකයෙකු ය. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනා නම් හේරත් මුදියන්සේලාගේ විඡේකෝන් බණ්‌ඩාර දිසානායක සහ මුදියන්සේලාගේ කරුණාරත්න ය. මොවුන් සහ සහ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සේවයේ නියුතු කංකානම් ගමගේ දයානන්ද, වික්‍රමආරච්චිගේ ලෙනාඩ් හා බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඩී. චාමින්ද යන පිරිස මෙසේ නීති විරෝධී අයුරින් මෙම අන් සතු ඉඩම්වලින් ඉල්ලම් පස්‌ හොරකම් කොට තිබුණි.

අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මෙන් හෙන්චයියන් යොදවා කුඩු නොවිකුණා තම ආරක්ෂකයන් මගින් පස් ඉල්ලම් පමණක් හොරකම් කිරීම ගැන අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මැතිතුමාට කෘතවේදී වෙමු.