අප ජිවත් වන්නේ මිනිස් ජිවිත වලට වග නොකියන කාලකන්නි සමාජයකය

| අමිල ගුණරත්න

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ පාලමේ ගමන් කරමින් සිටින විට තරුණියක් එක්වරම ලෑල්ලක් කඩාගෙන කළු ගඟට වැටි තිබේ. ඇය සමග ගමන් කළ තරුණයා ද මෙම තරුණිය බේරා ගැනීමට කළු ගඟට පැන ඇතත් මෙම හදිසි අනතුරෙන් දෙදෙනාම මිය ගොස් ඇත. මිට පෙරත් මෙම පාලමේ ලෑල්ලක් කඩාවැටී පාසල් සිසුවෙකු කළු ගඟට ඇද වැටුණි. බොහෝ මාධ්‍ය මෙම සිදුවීම අචල ආදරයක් පතා කළ ජිවිත පුජාවක් ලෙස හුවා දක්වනවා මිස දහස් ගණනක් මිනිසුන් ගමන් කරන පාලමක දිරා ගිය ලෑලි සවි කිරීම , නිසි ලෙස පාලම අලුත්වැඩියා නොකිරීම ගැන ගැන කතා නොකරති. පසුගිය මාසයේ දුම්රිය පාදමක් කඩ වැටී තරුණයෙකු ගේ සිරුර දෙකට වෙන් විය. මාධ්‍ය මේ අණතුරුවල වල කුණු රසය මාකට් කළහ. නමුත් මේ අණතුරු සඳහා වගකිවයුතන් ගැන කිසිවෙකු කතා කලේ නැත. මෙවැනි සිදුවීම් වලින් පෙනී යන්නේ අප සමාජයයේ මිනිස් ජිවිත වලට ඇති අවම වටිනාකමයි. වෙනත් රටවල මෙවැනි අනතුරු සිදුවුයේ නම් පාලම් සහ දුම්රිය නඩත්තුවට වග කිව යුතු පුද්ගලයන් නිතිය ඉදිරියට කැඳවා හමාරය. නමුත් මිනිස් ජිවිත වලට වග නොකියන කාලකන්නි සමාජයක ජිවත් වන අපට මෙවැනි අණතුරු ඉදිරියටත් ඇසීමට දැකීමට සිදු වනු ඇත. මෙම පාලම් , දුම්රිය පාදම් නඩත්තුවට මුදල් නැති බව කියන රජයට මහා සේනාවක් අරගෙන කොරියාවට යාමට සල්ලි තිබුණි. කොරියාවට ගොස් උඩබිම බලාගෙන සිටින මුතුහෙට්ටිගම වැනි ලොස් චරිතයකට කොරියාවට යාමට වියදම් කළ මුදල් වලින් කළුතර පාලමේ දිරපු ලෑලි ටික ගලවා එතනට වනේ පටි යෙදුවේ නම් වටිනා ජිවිත දෙකක් බේරා ගැනීමට තිබුණි.