කොරියාවට ගිය මුතුහෙට්ටියා නන්නත්තාර වෙයි



l අමිල ගුණරත්න

ජනාධිපතිවරයා සමග කොරියාවට ගොස් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ශ්‍රී ලංකික දේශපාලකයන් සහ කොරියානු නියෝජිතයන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී තුෂ්නිම්භූතව සිලිම දෙස බල සිටීම , නිදි කිරීම වැනි මොංගල් ක්‍රියා කරන අතර මෙවැනි නූගත් ග්‍රම්‍ය මෝඩයෙකු ලංකාවේ දූත මණ්ඩලයට ඇතුළු වුයේ කෙසේද කියා කොරියානු රාජ්‍ය නියෝජිතයන් විමතිය පළ කරති. දෙපාර්ශවයේ සාකච්ඡා ඉංග්‍රීසි බසින් සිදුවන අතර කිසිම භාෂා දැනුමක් , වෘත්තීය පුහුණුවක් නැති නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජිතයන් අතර කිසිදු අදහසක් යෝජනාවක් පළ කිරීමට නොහැකිව වටපිට බලමින් රැස්වීම ශාලාවේ පුටුවකට බරදී අකර්මන්‍යව සිටින අයුරු ශ්‍රී ලංකික නියෝජිතයන්ටද අපහසුතාව ගෙන දෙන්නක් බවට පත්වී ඇත. රටක ප්‍රගතිය සඳහා උගත් බුද්ධිමත් දේශපාලකයන් අවශ්‍ය වුවද මෙවැනි ජෝකරයන් පාර්ලිමේන්තුවට යැවු දකුණේ ජනතාවද මේවාට වග කිය යුතුය. මෙවැනි දේශපාලකයන් තෝරා ගන්නා ජනතාවද මෙවැනි හරකුන්ට දෙවැනි නොවේ.