උතුරු කොරියානු මිසයිල වෙරළ තිරයට



හර්ෂි සි. පෙරේරා

උතුරු කොරියාව සැලකියයුතු ශ්‍රේණියක මිසයිල වෙරළ තිරයට ගෙනවිත් ඇති බව දකුණු කොරියානු ආරක්ෂක ඇමති සනාථ කරයි. නමුත් ඔහු වැඩි දුරටත් කියන්නේ එයින් මහා පරිමාණ ගැටුමකට මුල පිරීමක් සිදුව නැති බවයි. මෙම ස්ථිර කිරීම සදහන් වන්නේ උතුරු කොරියානු හමුදාව තමනට ඇමෙරිකාවට එරෙහිව කුඩා සැහැල්ලු සහ විවිද ගනයේ නියෂ්ටික අවි වලින් ප්‍රහාර එල්ල කිරීමට අදිකාරී බලය ලැබුණු බව කියා පැය ගණනාවකට පසුවය. දකුණු කොරියානු ආරක්ෂක ඇමති වැඩි දුරටත් සදහන් කරන්නේ උතුරු කොරියාව මිසයිල ගෙන ආවේ ඇයිද යන්න තමන් ස්ථිරව නොදන්නා නමුත් ඔහු සදහන් කරන්නේ එය අත්හදා බැලීමට හෝ පුහුණු කිරීමකට විය හැකි බවයී.