කුරුණෑගල ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක්

| සුපුන් පෙරේරා

කුරුණෑගල ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක් නිසා ප්‍රදේශවාසීහු අපහසුවට පත් වී සිටිති. කුරුණෑගල රජපිහිල්ල මාවතේ නිවස කීපයකට පොදු ලිඳක් තිබේ. මෙම ලිඳේ වනිතාවන් නාන විට විශ්‍රාමික ගෙවලයෙක් වරින් වර පාරේ ඒ මේ අත යමින් නාන බවලතුන් දෙස බලාගෙන සිටින බව ප්‍රදේශවාසීහු පවසති. මෙම පුද්ගලයා සමහර විට වාහනයක පැමිණ වාහනය ලිඳ පේන තෙක් මානයේ නවත්වා හොර රහසේ ඇස් දල්වාගෙන නාන ගැහැණු දෙස බලා සිටියි. මොහු ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු කර්නල්වරයෙකු බව කුරුණෑගල රජපිහිල්ල මාවතේ අනුර බණ්ඩාර මහතා පවසයි. මෙම ගෙවලයා ගේ නම පී .සී. රත්නමළලය. ඔහුද කුරුණෑගල පදිංචිකරුවෙකි. කලක් මොහු කුරුණෑගල සෙලින්කෝ සසෙක්ස් පාසලේද උගන්වා තිබේ. වෘත්තියෙන් පී ටී අයි හෙවත් සරඹ ගුරුවරයෙකු බව කියන පී .සී. රත්නමළල ගෑනු නාන ලිං අසල ගැවසීම නිසා අනුර බණ්ඩාර මහතාගේ සොහොයුරෙකු ඔහුට තරයේ අවවාද කොට තිබේ. එවිට මෙම පුද්ගලයා තමා කර්නල් පී .සී. රත්නමළල බවත් කුරුණෑගල පොලිසියේ ලොකු ලොක්කන් තමන්ගේ හිතවතුන් බව කියා බණ්ඩාර මහතාට තර්ජනය කොට ඇත. ගෑනු නාන ලිං අසල ගැවසෙන පී .සී. රත්නමළල වැනි ගෙවලයෙක් හිතවතෙකු කර ගැනීම කුරුණෑගල පොලිසියේ මහත්තුරුන්ටද එතරම් සුබදායක නොවන බව අප කුරුණෑගල පොලිසියට කාරුණිකව දන්වා සිටිමු.