ගීතාට "මැඩම්" නොකී නිසා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ට්‍රාන්සර්

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකාව වන ගීත කුමාරිසිංහට "මැඩම්" යයි ආමන්ත්‍රණ නොකිරීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය වන අනුෂා බටවල ගමගේ මහත්මිය මාරු කර යවා ඇති බව වාර්තා වේ.ඇල්පිටිය ප්‍රදේශයට ඉමහත් සේවාවක් කල ප්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය මෙසේ මාරු කිරීම ගැන ප්‍රද්ශයේ ජනතව අප්‍රසාදය පළ කරති. එස් එස් සී සමත් නැති ගීතා කුමාරිසිංහට "මැඩම්" කියා ආමන්ත්‍රණය නොකිරීම උපාධිධාරිනියක් වන අනුෂා බටවල ගමගේ මහත්මිය විසින් ගත එඩිතර තීරණයක් බව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහතුන් පවසති. තවද අදහස් දැක්වූ එක් නිලධාරියෙකු ප්‍රකාශ කලේ හෙට අනිද්දා ජිනා "මැඩම්ටත් "මැඩම්" යයි ආමන්ත්‍රණ කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිදුවන බවයි.

අමිල ගුණරත්න