වෙල් ඩන් සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන ගේ වැරදි අප නොයෙක් විට හෙලා දැක ඇත. නමුත් කෙනෙකු යම් හොඳක් කරන විට කුහකම් එය ඇගයිය යුතුය. අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ඡන්දයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ආසන සංවිධායකවරුන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන තීරණය කොට තිබේ. එය යථාවාදී තථාකාරී ක්‍රියාවක් නම් අප ඔහුට වෙල් ඩන් සිරිසේන කියමු. අද ප්‍රාදේශීය දේශපාලකයන් යනු වරෙන්තුකරුවන්ය. අධිකරණයෙන් සහ පොලිසියෙන් බේරීමට මොවුන් චන්දය ඉල්ලති. අපේ මීහරක් ජනතාවද මෙම මිනීමරුවන්ට කතිරය ගසති. අමාත්‍ය ජෝන් සෙනෙවිරත්නගේ පුර්ණ ආශීර්වාදය සහ ආරක්ෂාව මැද කුඩු කසිප්පු බිස්නස් කල කහවත්ත මව සහ දියණිය ඝාතකයන් , වැළිගෙපොල ප්‍රදේශයේදී තරුණයකුට පහරදී ඔහු ඝාතනය කල මිනීමරුවා, තංගල්ලේදී විදේශිකයකු ඝාතනය කිරීම සහ ඔහුගේ පෙම්වතිය දුෂණය කල (පසුව ස්ත්‍රී දුෂණ චෝදනා යටපත් කර දමන ලදී) තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති මිනීමරු පාහරයා වැනි පුද්ගල ඝාතන ස්‌ත්‍රී දූෂණ සහ කුඩු ජාවාරම් කරන අපරාධකරුවන්ට නාමයෝජනා ලබාදීම පිළිබඳ ආසන සංවිධායකවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි කී සිරිසේන මහතා පවසයි. නමුත් කරුණු විමසා පමණක් මදිය. අපරාධකරුවන් ප්‍රාදේශීය දේශපාලකයන් වන්නේ සංවිධායකවරුන්ගේ එකඟතාවය පමණක් ලබා නොවේ. ඒ සඳහා පක්ෂයේ ඉහළිනුත් පුද්ගල ඝාතන ස්‌ත්‍රී දූෂණ සහ කුඩු ජාවාරම් කරන අපරාධකරුවන්ට සහය ලැබේ. ඔවුන්ගෙන්ද නිදහසට කරුණු විමසිය යුතුය.

| අමිල ගුණරත්න