"කතරගමින් හමුවූ බෝම්බ ඇදුම්" සහ ගැටලුවට දරණිය විසදුමක්.


හර්ෂි සි. පෙරේරා

"කතරගම නගරයේ මුස්‌ලිම් විශ්‍රාම ශාලාවේ බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කළ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ කතරගම පොලිසිය මගින් ජනවාරි 31 වැනිදා උදේ සොයාගෙන ඇත."

රටේ උතුරේ ගැටලුව මුළු ශ්‍රී ලාංකිකයන්ගේම ගැටලුවකි. එයට අවශ්‍ය යුදමය විසදුම ලබා දී දැන් වසර 04 කටත් ආසන්නය. මෙම මරා ගෙන මැරෙන බෝම්බ කට්ටලය සිහිපත් කරන්නේ ගැටළුවේ අරම්බක කොටස වූ ජනතාවට ආදරය, බලාපොරොත්තුව, දනය සහ ජීවිතය අහිමි කල යුදමය විසදුමයි. නමුත් ගැටලුවේ අවසාන කොටස එසේමය. එයට යුදමය විසදුමක් නොගැලපේ.


අවශ්‍ය දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතිමය විසදුමකි. එය සොයා ගත යුත්තේ මුලිකවම ශ්‍රී ලාංකිකයින් වන අප විසින්මය. අවශ්‍ය වුවිට ජාත්‍යන්තර සහයෝගය ලබා ගත හැක.

අපි දකුණු අප්‍රිකාවට යමු. නෙල්සන් මන්දලා වසර 27 ක් සිරගතව සිට නිදහස් විය. ඔහු නිදහස් වීමෙන් පසුව අවි ගෙන සන්නද්ද අරගලයට යමුයි කීවානම් ජනතාව එයට එකපයින් එකග වෙනු ඇත. නමුත් මන්දලා එසේ කලේ නැත. ඔහු මේ බව ඔහුගේ ජිවිත කතාවේ ඉතා ලස්සනට පැහැදිලි කරයි. එනම් "A long walk to freedom " හි තමා සිරගතව සිටියදී නොනැසී ජීවත්වීමට හේතුව තම විරුද්දවාදියව තමා මෙන්ම මනුෂ්‍යකු බව සිතීමයි දැකීමයි යන්නය.

රාජපක්ෂ ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාව සමග සාකච්චා කල යුතුව ඇත. ඒ ඔවුන් ගැටලුවේ පමණක් නොව විසදුමේද කොටස්කරුවන් බව සිහිපත් කරමිනි. සාකච්චා කිරීම සහ එකග වීම යනු එකක් නොව දෙකකි. මෙම සාකච්චාවට අනිවාර්යෙන් සිවිල් සමාජයේ දායකත්වය ලබා ගත යුතුය. විශේෂයෙන් දශක තුනක පමණ කාලයක් පුරා යුද්දයට මුහුණ දුන් මිනිසුන් සමග සාකච්චා කිරීම ඉතාම දුෂ්කර කටුක වුවක් විය හැක. නමුත් එය කිරීම අත්‍යවශ්‍ය වේ.