මේෂන් වැඩ කල සල්ලි ඉල්ලමින් වෙළදාමේ යෙදෙන තරුණයකුට පයාගල පොලිසිය බැට දෙයි.



හර්ෂි සි. පෙරේරා

ලෙවුවන්දුව විතානගේ සමීර සම්පත් 23 හැවිරිදි වෙළදාම ජීවිකාව කරගත් අවිවාහක තරුණයකි.

2012.01.27 දින දහවල් ඔහු පොලට බඩු දැමීමට බසයේ යමින් සිටියදී සුදු වැන් රථයක් බසය ඉස්සරහින් නවතා තිබේ. එයින් බැස ගත් පුද්ගලයින් දෙදෙනෙකු සම්පත්ව බසයෙන් බස්සව ගෙන ඇත්තේ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමෙනි. ඔවුන් දිගින් දිගටම මේෂන් වැඩ කර ගත් සල්ලි ගැන අසමින් වැන් රථය තුලදීද පහර දෙමින් සම්පත්ව පයාගල පොලිසියට ගෙනවිත් ඇත.

පොලිසියේ කාමරයකට ගෙන ගොස් ඇදකට තබා මාංචු දමා තිබේ. පසුව ඔහුගේ ඇදුම් ගලවා බාල්කයක එල්ලා ඇත. පොලිස් නිලදාරියෙක් පොල්ලෙල්ලක් වැනි දෙයක් ගෙනවිත් ඔහුගේ මුහුණට දුම් අල්ලා තිබේ. ඉන්පසුව ඔහුට පහර දී ඇත.

ඔහු අත්අඩංගුවේ සිටියදී ඥාතීන්ට බලන්න දී නැත. පසුව කුමාරි නමැති නිතිඥාවරියව සම්පත්ගේ මව විසින් පොලිසියට කැදවා ගෙන ඇවිත් ඇත.
පසුදින රාත්‍රී 8.15 ට විතර ඔහුට ඇප ලැබී තිබේ.

2012.01.29 සිට 2012.01.31 දක්වා ඔහු පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන තිබේ. 2012.01.31 දින පයාගල පොලිසියේ 3844 නිලදාරිය රෝහලට පැමිණ සම්පත්ගෙන් ප්‍රකාශයක් ගෙන ඔහුට ගැසූ පයාගල පොලිසියේ නිලදාරීන් 05 දෙනා සමග සමතවීමට කැමතියි ද යන්න විමසා ඇත. සම්පත් බැහැයි කියා තිබේ. ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබ තිබේ.