තංගල්ල මිනීමැරුම් නඩුවේ දූෂන චෝදනා හැලේ

බි‍්‍රතාන්‍ය ජාතික සංචාරක කුරාම්ශේක් මහතා ඝාතනය කරමින් ඔහුගේ පෙම්වතියට මාරාන්තික තුවාල සහ ලිංගික අඩන්තේට්ටම් කරමින් පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය මගින් තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයට කරුණු වාර්තාකරමින් ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ රුසියානු ජාතික තරුණියට සිදුවූ ලිංගික අතවර පිළිබදව කිසිම සඳහනක් නොමැති බව වාර්තා වේ.

බලඅපරාධ (Grave Crime) අංක 49/2011 යටතේ තංගල්ල මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කර ඇති ‘බී’ වාර්තාවේ සඳහන්වන්නේ එකී අධිකරන බලප‍්‍රදේශය තුළ විදේශිකයෙකු වන කුරාම්ශේක් යන අය වෙඩිතබා හා තියුනු ආයුධවලින් ඇන මරණය සිදුකිරීම සහ තවත් විදේශීය කාන්තාවකට මරණීය තුවාල සිදුකිරීම යන අපරාධ චෝදනා පමණකි.

කරාපිටිය ශික්‍ෂන රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරිනිය විසින් රුසියානු ජාතික තරුණිය පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් දූෂණය කිරීමකට ලක්ව ඇති බවට කරන ලද නිරීක්‍ෂණය කිරීම් කිසිවක් රහස් පොලීසිය මගින් තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය හමුවේ කරුනු වාර්තා කර නොමැත.

එකී රුසියානු ජාතික තරුණිය අධිකරණයේ අවසරයකින් තොරව මේ වනවිට ආරක්‍ෂක ලේකම්වරයා සභාපතීත්වය දරන ‘ලංකා හොස්පිටිල්ස්’ සමාගමට අයත් ‘ඇපලෝ’ රෝහලේ දැඩි ආරක්‍ෂාවන් මත නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඇය මාධ්‍යයන්ගෙන් සඟවා තැබීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටී.