අපි අනාවැකි කියමු : "නිතීඥ" නාමල් රාජපක්ෂ පෙනී සිටි නඩුව දිනුම්

තමන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම කරන කොට ගනිමින් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉදිරිපත් කළ නඩුව අද කොළඹ දිස්ත්‍රික් අධිකරණයේදී විභාගයට ගැනුණ අතර මන්ත්‍රී වරයා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති වරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂය.

නාමල් රාජපක්ෂ මෙන්ම නියෝජ්‍ය අමිති ෆයිසර් මුස්තාපාද අදාළ නෞදුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ වෙතත අදාළ නඩු විභාගය එළඹෙන ජනවාරි 26 වැනිදා දක්වා කල් දමනු ලැබීය,

අය වැයදී ආණ්ඩුවට සහය දීම කාරණය කරගමිනින් ග්‍රේරුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහිමි කරනු ලැබීය, ඉන් පසු ආණ්ඩුවට එකතු වූ ඔහු මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ නිරීක්ෂණ ඇමති වරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ නඩු විභාගයදී බොහෝ දුරට ග්‍රේරු හට ජයග්‍රහණය ලැබෙන බව ඇති පොදු නිගමනය සලකා ගෙන නාමල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කිරීම සඳහා මුලික හේතුව වී ඇත්තේ ඔහු සහභාගී වන ප්‍රථම නඩුව පරාජ වීමෙන් වලක්වා ගැනීමට සහ ජයග්‍රහණයෙන් පසු නාමල් රාජපක්ෂට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ මෝඩ ජුවල් වැඩ සටහනකට යොමු වීමේ අදහසෙනි.