ඇමෙරිකානු හමුදාවන් සම්බන්ද "මුත්‍රා" වීඩියෝව කර්සායිව අප්සෙට් ගස්සයි.

හර්ෂි සි. පෙරේරා

ඇෆ්ගනිස්ථාන ජනාදිපති හමීඩ් කර්සායි ඇමෙරිකානු සොල්දාදුවන් තලිබාන් සටන්කරුවන්ගේ මලසිරිරු වලට මුත්‍රා කිරීමේ දර්ශන ඇතුලත් වීඩියෝව දැඩි ලෙස හෙලා දකි. තලිබාන්වරු මෙම වීඩියෝව ලැජ්ජාසහගත බව පවසන අතර එයින් සාම සාකච්චා සදහා දරන වෑයම කඩාකප්පල් නොවන බව කියයි. දැන් ඇමෙරිකානු හමුදාව මෙම වීඩියෝවේ සත්‍යතාව සම්බන්දයෙන් විමර්ශන පවත්වමින් සිටියි.