උඩ පැන පැන වහසි බස් දොඩන එල්ලුම් ගහ.


හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ එන්න එන්නම අපරාද වැඩි වේ. එම අපරාද පාලනය කල නොහැක්කේ ඇයි? එල්ලුම් ගස නොමැති නිසාද?

"අවුරුදු 15 සහ 17 සහෝදරියන් දෙදෙනකු අප යෝජනය කළැයි සැකපිට නාවලපිටියේ ධනවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. දැරියන් දෙදෙනා ගණිකා වෘත්තියට යොමු කළ බව කියන මව ද අත්අඩංගුවට ගැනීමට යයි. දැරියෝ දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලැබූහ. ගම්පොළ සහකාර පොලිස් අධිකාරී ජි. විමලදාසල මුලස්ථාන පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහත්වරු ද නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් පරීක්ෂිකා මාලනි මැණිකේ මහත්මිය ද සැකකරුවන් අත්අඩංගුවට ගත්හ."

එල්ලුම් ගස ඕනෑ කියන ශ්‍රී ලාංකීය සමාජයේ වූ කවරෙකු හෝ කුහකයෙකි. ඒ ඔවුන් බරපතල අපරාදකරුවන් සාදරයෙන් හලෝ මහත්තයයි යයි කීමට තරම් පහත් මට්ටමකට වැටී ඇති බැවිනි. පන්සල් වල හාමුදුරු ගොල්ලෝ ඊට දෙවෙනි නැත. ඇතැම් පන්සල් වල ප්‍රදාන දායකයා නමගිය අපරාදකරුවෙකි. ඒ අපරාදකරුගෙන් පෙන ඇසීමට හදහන් බැලීමට තරම් අපේ සමහරක් පුරවැසියන් අඥාන වී අවසන්ය.

ඊළගට දඩුවම විදීමට යවන හිරගෙදර? සල්ලි ඇත්නම් ඥාති සබදතා ඇත්නම් ලොකු ලොක්කන් දන්නේ නම් එය හිරගෙදරක් නොව සුපිරි ගෙදරකි.

මෙවන් පසුබිමක සිට එල්ලුම් ගස ඕනෑ කියන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ සිටින කුහකයින්ය.