දකුණේ ජනමතවිචාරණයෙන් පසු උතුරේ වැඩ පටන් ගනියි: සුඩානයේ විපක්ෂ නායකයා අත්අඩංගුවට

සුඩානයේ ආරක්ෂක හමුදාව විසින් එරට ප්‍රධාන විපක්ෂ නායකයා වන ඇත ටුරබි අත්අඩංගුවට ගත බව වාර්තා වේ. ඊයේ කාටවුම් නුවර පිහිටි තමන්ගේ නිවසට පැමිණි ආරක්ෂක අංශ කිසිඳු හේතුවක් නොදක්වා ඔහු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා සඳහන් කරයි.

මේ අතර ඔහුගේ දේශපාලන පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයාට අනුව පාලක බසීර්ගේ ආණ්ඩුව අර්බුදයට පත් වූ සෑම අවස්ථාවකදීම තම නායකයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ පිළිවෙත බව සඳහන් කළේය. හෙතම වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ට බලයේ රන්දී සිටීමට හැකි යැයි මිත්‍යාවක් ආණ්ඩුවට ඇති බවය.

අත්අඩංගුවට පත් වූ නායකයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යට සඳහන් කළේ ටියුනිසියාවේ මෙන් ජනතාවගේ විප්ලවයක් සුඩානයේ ඇති වීමේ ඉඩකඩක් ඇති බැවි. එය ඔහු හැඳින්වූයේ ජනතාවගේ විප්ලවයක් ලෙසය.



Tell a Friend