දැරිය ගස්‌ බැඳ කෝටු 7ක්‌ කැඩෙන තුරුම පහර දීලා

සුළු පියා 25 වැනිදා දක්‌වා රිමාන්ඩ්

රෙක්‌ස්‌ හැරිසන්

සුළු පියාගේ අමානුෂික පහර කෑමට ලක්‌ වූ 8 හැවිරිදි සිසුවියක බරපතල ලෙස තුවාල සහිතව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඇල්පිටිය ගමගේ කපිල කුමාර නමැති සුළු පියා ඔක්‌තෝබර් 25 දා දක්‌වා රක්‍ෂිත භාරයේ තැබීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා ඉකුත් 16 දා නියෝග කළේය.

නාත්තන්ඩිය යටකලාන ප්‍රදේශයේ විදුහලක 3 වසරේ, ඉගෙනුම ලබන මෙම සිසුවිය රුපියල් 50 ක්‌ සුළු පියාගේ සාක්‌කුවෙන් ගත්තේ යෑයි කියමින් කෝටු 6 ක්‌ කැඩෙන තුරු, කොහු ලණුවකින් ගසක බැඳ පහරදී ඇති අතර, ප්‍රදේශවාසීන් මාරවිල පොලිසියට ලබා දුන් තොරතුරක්‌ අනුව එහි ගොස්‌ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරියගේ පියා වෙනත් විවාහයක්‌ සිදු කරගෙන ඇත. ඇම්. ඇම්. නයනා නන්දනී (31) නමැති ඇයගේ මව මෙම පහරදීම සත්‍ය බව පොලිසියට පවසා ඇත.

මොවුන් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වසර 6 ක පමණ සිට යටකලාන ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.

දැරියට පහරදී ගසක බැඳ ඇය කෑගසද්දී රෙදි කඩකින් කට බැඳ තිබිණි. තුවාල රැසක්‌ ඇයගේ කකුල්වල හා අත්පා මෙන්ම ඇඟ පුරාම තිබිණි. දැඩි වේදනාවක්‌ දැනෙන බව ඇය 18 දා පැවසුවේ මාරවිල රෝහලේ ඇඳක්‌ මත සිටියදීය. Tell a Friend