ඉන්දු - ශ්‍රී ලංකා මගී බෝට්‌ටු සේවාව පෙබරවාරි සිට

කොළඹ හා ඉන්දියාවේ තූත්තුකුඩිය අතර මගී ප්‍රවාහන බෝට්‌ටු සේවාව ලබන පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

හින්දු පුවත්පත වාර්තා කර ඇති අන්දමට දෙරටේම අදාළ අමාත්‍යවරු එම මගී සේවාව ආරම්භ කිරීමේ කටයුත්තට සිය එකඟත්වය පළකර ඇත. දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තූත්තුකුඩිහිදී ඉකුත් 15 දා මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක්‌ ද පවත්වා ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙරළ ආරක්‍ෂක සේවාව, ඉන්දීය නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක බළකාය හා බුද්ධි අංශවල නිලධාරීන් ඊට සහභාගි වී ඇති අතර කාර්යක්‍ෂම ලෙස එම සේවාව පවත්වාගෙන යැමට අවශ්‍ය ආරක්‍ෂාව ඇතුළු පහසුකම් සැපයීමට ඔවුන් කැමැත්ත පළකර ඇත.

මගී ප්‍රවාහනය සඳහා යොදන යාත්‍රාවක මගීන් 500 ක්‌ ගෙන යා හැකි බවත් තූත්තුකුඩියේ සිට කොළඹ බලා එන ගමනට පැය 12 ක්‌ පමණ ගතවන බවත් තූත්තුකුඩි වරායේ සභාපති ජී. ෙ-. රාඕ පැවැසීය.

Tell a Friend