පකිස්ථානය නැවතත් මරණ දඩුවමට



හර්ෂි සි. පෙරේරා 

පකිස්ථානයේ යලි මරණ දඩුවම ක්‍රියාත්මක වීම තමන් කම්පනයට සහ ප්‍රතිගාමී බවට පත්කළ බව අයිතීන් උදෙසා පෙනී සිටින කණ්ඩායම් කියයි. පකිස්ථානයේ අලුත් ආණ්ඩුව එරට මරණ දඩුවම තහනම් කල නිතිය කල් ඉකුත්වීමට ඉඩ හැර තිබේ. එරට අබ්යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කිවේ මරණ දඩුවම නියමවූ වැරදිකරුවන් 450 ක් සිටින බවයි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කිවේ මරණ දඩුවම පැමිණීමත් සමග අහිංසක මිනිසුන් මරණ දඩුවමට ලක්වීමේ අවදානම පහව ගොස් නැති බවයි. තවද ඔවුන් කියා සිටින්නේ මෙනිසා පකිස්ථානය ජාත්‍යන්තර වගකීම් කඩ කරන බවයි. පකිස්ථානයේ සිරගෙවල් රැදවියන්ගෙන් පිරි ඇති අතර ඒවායේ මුලික පහසුකම් නොමැත. තවද ඔවුන් සම්බන්දයෙන් පකිස්ථානය රටක් ලෙස කටයුතු කරන්නේ ඉතා නරක අන්දමිනි. පකිස්ථානය දිනපතා තලිබාන් සහ අල් කයිදා සංවිදාන චෝදනා ලබන ප්‍රහාරයන්ට මුහුණ දෙන අතර එහි විශාල නගරවල දිගු කාලයක සිට අපරාද සිදුවේ. නමුත් විවිද පකිස්ථාන නිලදාරීන් ප්‍රකාශ කරන්නේ මරණ දඩුවම එරට අපරාද මර්දනය කරනු ඇති බවයි.