හර්ෂි සි. පෙරේරා
අලුත් අවුරුදු උදාවට තව දින 04 යි. පොලිස් මුර්ග කම්වල අඩුවක් නැත. මේ කෙටි ලිපිය තිලින මිනිමුතු නම් 24 හැවිරිදි තරුණයා ගැනයි. ඔහුව අප්‍රියෙල් 08 බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ නිවස අසලදී සහ පොලිසියේදී අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. ඔහුට පහරදීම පිළිබද තුවාලද පෙනෙන්නට ඇති බව පියා වන ප්‍රේමරත්න හෙට්ටිආරච්චි කියයි. ඔහුගේ ඉල්ලීම පිට පොලිසිය පුතාව පුද්ගලික දිස්පෙන්සරියකට ගෙන ගියද වයිද්ය උපදෙස් නොසලකා හැර ඔහුව රෝහල්ගත කිරීමෙන් පොලිසිය වැලකි සිටි. හෙට්ටිආරච්චි මහතා අද අප්‍රියෙල් 10 මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. මානව හිමිකම් කොමිසමට දැන්වීමෙන් අනතුරුව ඔහු කියා සිටින්නේ තම පුතාව පොලිස් බෝජනාගාරයේ රදවා ගෙන සිටින බවකි. ඔහුව නැවීමේ සුදානමක් ඇති බවද වාර්තා වේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකමකට සැක කර බව පැවසේ. කුමන හේතුවකට අත්අඩංගුවට ගත්තද පොලිසියට පුද්ගලයින්ට වදහිංසා පැමිණවිය නොහැක. රටේ නිතිය එයයි.