වැඩියෙන් සපා කන්නේ ගෙවල් වල ඇති කරන බල්ලෝ.

හර්ෂි සි. පෙරේරා

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිදාන දඩාවතේ යන බල්ලන් සමුහ ගාතනයට පෙර ඒ ගැන නිසි පර්යේෂණයක් කරන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මිනිසුන්ව වැඩියෙන් සපාකන්නේ දඩාවතේ යන බල්ලන් නොව ගෙදර ඇති කරන බල්ලන්ය.

"බල්ලන් සපා කෑමෙන් විනාශවන මිනිස් ජීවිත බේරාගැනීමට පැරණි නීතිරීති යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට දන්වා සිටි බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා මේ වන විට අයාලේ යන බල්ලන් 30000 ක් සිටින බවත් මෙම බල්ලන් එන්නත් කිරීමට වසරකට රුපියල් කෝටි 3ක මුදලක් වැය වන බවත් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. එන්. උඩුගම මහතා ප්‍රකාශ කළේය. මෙහිදී පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා දඩාවතේ යන බල්ලන් රෝහල්වල වෛද්‍යවරුන් පවා සපා කන බවත් දිවයින පුරා බල්ලන් සපා කෑමෙන් වසරකට මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන බවත් ඇමැතිවරයා කීය.

බල්ලන් විනාශ කිරීමට නව නීති අවශ්‍ය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා සත්ව අවිහිංසා සංවිධාන ඇත්නම් ඔවුන් විසින් අයාලේ යන බල්ලන් බලා ගත යුතු යැයි ද සඳහන් කළේය. මෙම රැස්වීම අමතා සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරු ද කතා කළහ." 2012.01.08 - දිනමිණ