මේ පුංචි රටේ මක්කටයි වෙනම රාජ්ජයක්.

හර්ෂි සි. පෙරේරා

ඉන්දීය බාහිර කටයුතු අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණ ජනවාරි 16 ලංකාවට පැමිණීමට නියමිතය. ඔහුගේ නියාය පත්‍රයේ දේශපාලන එකගතාවකට හා සමාන වැදගත්කමක් අවතැන් වූ පුද්ගලයින්ට නිවාස ලබාදීමේ වියපෘතියට හිමිවේ.

මේ පුංචි රටේ තමනට වෙනම රජ්ජයකට ඉඩක් නොමැතිබව බුද්දිමත් දෙමල ජනයා පසක් කරගෙන බොහොකල්ය. එය සියලු රටවැසියන්ගේ ප්‍රීතියට හේතු විය යුත්තකි. නමුත් ඔවුන් අන්තවාදය කරා තල්ලු නොකිරීමේ බාර දුර වගකීම මේ රට දකුණේ වැසියනට ඇත.

ඒ සදහා කලයුතු බොහෝදේ අතර උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ප්‍රමුකස්ථානයේ පවතී. එහි එක නිර්දේශයක් වන්නේ සුවාදින පොලිස් කොමිසමක් පිහිටුවීමය. ලෝකයේ යම් රටක ආණ්ඩුව ජනතාව මර්දනයට පොලිසිය යාදෝ නොගන්නේනම් ඒ රටවල පැහැදිලිවම පොලිසියේ කටයුතු අදික්ෂණයට සුවාදින ආයතනයක් ඇත. ඒ අනුව මෙහි ප්‍රතිලාබය සියලු ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.

එසේ නොකරන්නේ නම් ඒ ගැන රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කල යුතුය. සමහරවිට අපට අරාබි වසන්තයේ හා සමාන විරෝදතාවන්ට යොමුවීමටද සිදුවෙනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ යහපාලනය ගොඩනැගීමට උතුරේ අවතැන් වුවන්ගේ ප්‍රශ්නය විසදා දේශපාලන විසදුමක් සදහා ආණ්ඩුවේ කඩිනම් අවදානය ලබා ගැනීමට ඉතා දැඩි ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑමක් ක්‍රියාත්මක වියයුතුය. මෙහිදී ඉන්දීය බලපෑමද වැදගත් වේ.