ශ්‍රී ලංකාව ;- අලුත් අවුරුදු සුබ පැතුම් මාලාව - 2012

එළබෙන අවුරුද්දේ සියලු ශ්‍රී ලාංකිකයින් ප්‍රාර්ථනා කල යුත්තක් ඇත. එනම් එය ගෙවීගිය අවුරුද්ද මෙන්ම පසුකල අවුරුදු මෙන් නොවිය යුතු බවයි. ගෙවීගිය අවුරුදු වල ඉතා දරුණු අනාරක්ෂිත බවක් පැවතිනි. එය දේශපාලන ක්‍රියාදාමයේ පැවති අසමත්බාවය නිසා ඇතිවූ අතර ප්‍රතිපලය වුයේ නයිතික ක්‍රියාදාමයේ බරපතල ගැටළු ඇතිවීමයි. මහ ජනතාව බෙලහීන කරන ලදී. ඔවුන්ට තම බලය නැවත ගොඩනගා ගැනීමට අවශ්‍යයි. එය නීතියේ අදිපත්‍ය පිළිබද ක්‍රියාදාමය මුල්බැසගත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුල සිදුවියයුතුව ඇත. අපිට උණුසුම් බලාපොරොත්තුවක් ඇත. ඒ ඔවුන්ගේ සිහිනය වූ මර්දනයෙන් මිදිසිටීම මේ වසරේ යථාර්තයක් වනු දැකීමයි.

අපි බලාපොරොත්තු වන ආකාරයට සියලු ශ්‍රී ලාංකිකයින්ට ඉතා ගැබුරු ප්‍රාර්ථනයක් ඇත. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව අහෝසි කිරීමයි. මේ අවුරුද්දේ එය යථාර්තයක් විය යුතුය. ඒ තුල පහත සදහන් වරප්‍රසාදයන් සියලු මහා ජනතාවට හිමිවිය යුතු වේ.

* එක් මිනිසෙකුගේ පාලනය වෙනුවට නිතිය මත පාලනය ස්ථාපිත විය යුතුය.

* අදිකරණය පවතින්නේ විදායක ජනාදිපතිවරයාගේ පාලනය යටතේය. ඒ වෙනුවට බලතල බෙදීමේ මුලදර්මය යටතේ ක්‍රියාත්මක වන සුවාදින අදිකරණයක් ස්ථාපිත කල යුතුය.

*නීතිපති දෙපාර්තමේන්තුව විදායක ජනාදිපතිවරයාගේ පාලනය යටතේ පවති. එය සුවාදින විය යුතුය. එයට තම වගකීම් නිතිය මත පාලනය පවතින ක්‍රියාදාමයක් තුල සිදු කිරීමේ හැකියාව ලැබිය යුතුව ඇත.

*පොලිස් ක්‍රියාදාමය විදායක ජනාදිපතිවරයාගේ පාලනය යටතේ තිබීම නිසා දැනට අක්‍රීයව පවතියි. ඒ වෙනුවට නිතිය මත පාලනයේ අවශ්‍යතාවක් වූ පහල නිලදාරීන්ගේ ක්‍රියා වලට ඉහල නිලදාරීන් වගකියන්න වූ පොලිස් ක්‍රියාදාමයක් ස්ථාපිත විය යුතුව තිබේ.

*සිවිල් සේවය, මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඇතුළු සියලු මහජන ආයතන වර්තමානයේ විදායක ජනාදිපතිවරයාගේ දැඩි ග්‍රහණය යටතේ පාලනය වේ. ඒ වෙනුවට සියලු මහජන ආයතන නිතිය මත පාලනයක අවශ්‍යතාව වන සුවාදින කොමිසම් සබා යටතේ පාලනය වන තත්වයක් ඇති කල යුතුය.

*දුෂණයට එරෙහි කොමිසම අකාර්යක්ෂම වන අතර එය තවදුරටත් දුෂණය පැතිරවීමට උදවු වේ. ඒ වෙනුවට නයිතික බලතල සහ සම්පත් සහිත සුවාදින ආයතනයක් ස්ථාපිත කල යුතුය. එවැනි ආයතනයකට පොලිසිය සමග සබදතා නොතිබීම අනිවාර්ය වේ. තවද පරීක්ෂණ නිලදාරීන් පොලිස් නිලදාරීන් අතරින් බදවා ගැනීමෙන් වැළකිය යුතුය. එවැනි දුෂණ විරෝදී ආයතනයක කාර්යමණ්ඩලය එම ආයතනයට පමණක්ම අයත්විය යුතුය. සිය කාර්ය මණ්ඩලයේ උසස්වීම් පිළිබද අවස්ථා නිර්මාණය කිරීම සහ විනය පිළිබද පාලනය එම ආයතන විසින්ම ඉටු කරගත යුතුය.

*වර්තමානයේ මිනීමැරීම්, පැහැරගෙනයාම, බලය යොදා සිදුකරන අතුරුදහන්වීම්, ස්ත්‍රී දුෂණය සහ අනෙකුත් ම්ලේච්ච අපරාද පුළුල්ව වියාප්ත වී තිබේ. මේ තත්වයට හේතුවූ සියලු හේතු සාදකයන් වහා ඉවත්කළ යුතුව ඇත.

*පුළුල්ව වියාප්තව පවතින නීති විරෝදී මත්ද්රවිය වෙළදාම නතර කල යුතයි. එය දැනට ප්‍රබල දේශපාලනඥයින්ගේ සහ සමහරක් රාජ්‍ය ආයතන වල අනුග්‍රහය යටතේ සිදුවෙමින් පවති.

*පොලිසියට දක්ෂ ලෙස සිය කටයුතු වලට දේශපාලන බාදා කිරීම් වලින් තොරව අපරාද විමර්ශන කටයුතු කරගෙන යාමට අවකාශ ලබා දිය යුතුය. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය මානව සහ සෙසු සම්පත් ලබා දියයුතුව ඇත.

*යුක්තිය පසිදලීමේ කටයුත්තේ නිරතවන අදිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ බන්දනාගාරය ඇතුළු සියලු ආයතන වලට ප්‍රමාණවත් ආදාර සැපයිය යුතුව ඇත. ඒ තුලින් ඔවුන්ට ප්‍රජාවට පලදායි සහ සැහීමකට පත්විය හැකි සේවාවක් ලබා දීමට අවකාශය උදා කල යුතුය.

*විශේෂ කාර්යබලකාය වැනි ආයතන වලට ලබා දී ඇති විශේෂ බලතල ඉවත් කල යුතුය. තවද එවැනි ආයතන පොලිසියේ ඉහල අණ යටතේ පාලනයට නතු කල යුතුව ඇත.

*සියලු පළාත් සිවිල් පුරවැසියන් පාලනය කරන පොලිසියේ පාලනයක් යටතට ගෙන ආ යුතුය. එවැනි සිවිල් පොලිසියක කටයුතු වල නිරතවන හමුදාව එයින් ඉවත් කලයුතුය.

*"මැතිවරණ සිතියම හකුලා දැමීම" යන සංකල්පය හොදින් සලකා බැලීමෙන් අනතුරුව අවසන් කල යුතුය. තවද නිදහස් සහ සාදාරන මැතිවරණ සදහා පවත්නා සියලු බාදා ඉවත් කල යුතුව තිබේ. හොර චන්ද පිළිබද පවත්නා ජනප්‍රිය බිය අඩු කල යුතුව ඇත.

*ස්ත්‍රී පුරුෂ සමාජ බාවය, ජාතිය, හෝ වාර්ගිකත්වය යන කරුණු නොසලකා සියලු දෙනාට නිතිය ඉදිරියේ සමානව සැලකීමේ හැකියාව නිර්මාණය කල යුතුය. ඒ තුලින් නැවතවරක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකළ හැකියි යන තත්වයක් උදා කල යුතුව ඇත.

*මද්යවේදීන්ට එරෙහි සෝදිසිකිරීම්, බියවැද්දීම්, මරාදැමීම් සහ අනෙකුත් ආකාරයේ හානිකිරීම් නතර කල යුතුයි. තවද බාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති සියලු බාදා කිරීම් ඉවත්කළ යුතුවේ. ඒ වගේම ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහතික කල යුතුය.

*පොලිසිය විසින් පුළුල්ව සිදු කරන වදහිංසා පැමිණවීම සහ පහත්කොට සැලකීම නතර කල යුතුයි. ඒ සදහා එක්සත් ජාතීන්ගේ වදහින්සාවට එරෙහි කමිටුව සිය 47 වන සැසිවාරයේදී ආණ්ඩුවට ඉදිරිපත් කල නිර්දේශය ක්‍රියාත්මක කල යුතුය ඇත.

*කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කල යුතුය. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා වලදී සිදුවන ලිංගික හිංසනය වැළැක්විය යුතුව ඇත. තවද ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී දුෂණය පිළිබද පැමිණිලි වලදී නිසි පරිදි කටයුතු කරන බවට සහතික විය යුතුය. එමෙන්ම ජිවිතයේ සියලු අංගයන් වලදී නිතිය ඉදිරියේ සමානතාවය ඉටුවීම පිළිබද සහතිකයක් දිය යුතුය.

*උතුරු නැගෙනහිර හමුදා ඉවත් කිරීම මගින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහතික කල යුතුව ඇත. තවද ඔවුන්ට මාද්‍ය සදහා ප්‍රවේශය, යුද්දයේ ප්‍රතිපලයක් ලෙස පිඩා විදින සෑම කෙනෙකුවම පුනුරුත්තාපනය කිරීමට විශ්වසනීය මිනුම්දඩු ගන්නා බවට, අදිකරණය ඉදිරියේ නඩු නොපැවරු සියලු සිරකරුවන් නිදහස් කරන බවට, සියලු මානව හිමිකම් උල්ලන්ගනයන් පිළිබද චෝදනා විශ්වසනීයව පරික්ෂා කරන බවට සහතිකයක් දිය යුතුය.

මේ සියල්ල මර්දනය අවසන් කර දැමීමට සහ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට මුලික නිදහස ලබාදීම සහතික කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතාවන්ද වෙයි.


ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශනයකි.

පරිවර්තනය ;- හර්ෂි සි. පෙරේරා