මධ්‍යම ඇමරිකාවේ තද වැසි හේතුවෙන් පුද්ගලයන් 84 ක් මරුට

| කිෂානි වැලිවිටිගොඩ

සතියකට ආසන්න කාලයක් මධ්‍යම ඇමරිකාව හරහා පවතී තද වැසි හේතුවෙන් නාය යාම්, ගංවතුර ගැලීම් , පාලම බිද වැටීමට හේතු විය. මෙසේ තද වැසි ඇද හැලීම හේතුවෙන් පුද්ගලයන් 84 ක් මරණයට පත් වූ අතර තවත් 9 දෙනෙක් අතුරුදහන් වී ඇති බවට එහි බලධාරීන් විදෙස් පුවත් අජෙන්සි වාර්තා වලට ප්‍රකාශ කොට ඇත.

File Photo Only
එල් සැල්වදෝර් හි සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක ජෝර්ජ් මෙලෙන්දෙස් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ පවතින අව පීඩන තත්වය හේතුවෙන් බදාදා දින තෙක් තව දුරටත් වර්ෂාව පවතින බවයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එල් සැල්වදෝරයේ සහ නිකරගුව නායකයින් විසින් සදුදා දින ස්වාභාවික ආපදා තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.


Tell a Friend