ලිබියාව: ගඩාෆිගේ දේශපාලනයෙන් පසු

| නිලන්ත ඉලංගමුව

ලිබියානු නායක කර්නල් හුහම්මර් ගඩාෆි ඝාතනය කිරීම සමන්ධයෙන් අලුත් තොරතුරු රැසක් මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව සිදු වී ඇති ආකාරයට ලිබියානු මෙහෙයුම පුරාම දෙපාර්ශවය අතින් සිදු කළ යුධ අපාරාධ ගඩාෆිගේ මරණය දක්වාම සිදු විය. මාව මරන්නට එපා යැයි කෑ ගසමින් දිවි බේරා ගැනීමට උත්සහ කළ ගඩාෆිට තමන් වෙඩි තැබූ බව කැරලිකරුවන් සඳහන් කරයි. ඔහු පණ පිටින් අල්ලා ගනු ලැබූ කැරලිකරුවන් ඉන්පසු ඔහුට වෙඩි තබා ඇත. විවාදයක් නැත මෙය ලිබියානු ඉතිහාසයේ වඩාත් වැදගත් විප්ලවයක නොවැදගත් වික්‍රමයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් කර්නල් ගඩාෆි ජීවග්‍රහණයෙන් අල්ලා ගෙන නිතීය ඉදිරියට පැමිණවීමට හැකි වූයේ නම් එය වඩාත් වැදගත් වනු ඇත. කිව හැක්කේ මාරාන්තික යුද්ධයක යුධ කලාවද ඝාතනය කොට ඛේදවාචකයකින් ගැටලුව තව දුරටත් උඩු දිවීමට හේතු නිර්මානය වූ බවයි.

70 දශකයේදී ඔහුගේ හරිත කෘතිය ඔස්සේ තම දේශපාලන දර්ශනය ඉදිරිත් කළ හෙතම එහිදී තමන් ලිබියාවේ පාලනය ස්ථාන ගත කරන න්‍යායන් පිලිබඳ අර්ථකතනයක් දීමට උත්සහ කළේය. හරිත කෘතියේ මූලික අරමුණ වූයේ 1969 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය සංස්කෘතික විප්ලවයක් ලෙස හැඳින්වීමය. අදාළ කෘතිය ලිබියාවේ සෑම තැනකම පාහේ බෙදා හැරුණු කෘතියක් වූ අතර බොහෝ දෙනෙක් අදාළ කෘතිය මාඕ සේතුංගේ රතු කෘතියට සමාන කළේය.
ගඩාෆි ඝාතනය සම්බන්ධයෙන් අන්තර්වාර ආණ්ඩුවෙන් ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව, ඔහු සිර්ටේ නගරෙන් පලා යාමට උත්සහ කරන අවස්ථාවේදී ඔහුගේ රථ පෙළ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙය අසත්‍යක් බව අනෙක් පාර්ශවය සඳහන් කළේය. එසේම එම අවස්ථාවේදී නොටෝ සංවිධානයද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර කැරලිකරුවන් භූමියේ මෙහෙයුම් ඉදිරියට ගෙන යමින් සිටියහ. ඊට පෙර දින ගඩාෆිෆේ වැඩිමහල් පුත්‍රයෙකු වන සායිෆ් වෙඩි ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබූ බව වාර්තා වූ අතර ඔහු මිය ගිය බවට ඇතැම් වාර්තා සඳහන් කළේය. එසේම අනෙක් පුත්‍රයා වන මුටාසීම් කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වී මිය ගිය බව වාර්තා වේ. ගඩාෆි පැන යාමට තැත් කළ වෑයම අසාර්ථක වූ විට ඔහු ඒ අසානයේ කොන්ක්‍රීට් වලින් තැනු නලයක් තුළට රිංගා ආරක්ෂාව සලසා ගත් අතර එහිදී ඔහුගේ සගයන් මිය යන විට භාරවී තමනට වෙඩි නොතබන ලෙසට බැගෑපත් වී ඇත. ඒ වන විටත් ඔහු දරුණු ලෙස තුවාල ලබා සිටියේය. ඉන් පසු ඔහු රැගෙන මරා දමන අකාරය වීඩියෝ පට මඟින් පැහැදිලි වේ.

කෙසේ වෙතත් මෙය ගොතන ලද අසත්‍යක් බව ගඩාෆිට සමබන්ධ ආරංචි මාර්ග මේ වන විට හෙළිදරව් කරමින් සිටියි. විශේෂයෙන් ඔහුගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ මොනසර් ඩොව් ප්‍රකාශ කරන අන්දමට ගඩාෆි අවසන් මොහොත දකවා ජීවත් වූයේ කොන්ක්‍රීට් නලයක් තුළ නොව ඔහුට අයත් මහල් නිවාසයකය. එසේම ගඩාෆි අවසන් මොහොත දක්වාම විපල්වීය හමුදාවට එරෙහිව සටන් නොකළ බව සඳහන් කරන හෙතම සටන් මෙහෙයවනු ලැබුවේ ගඩාෆිගේ පුත්‍රයා වන මොටාසීන් බව සඳහන් කළේය. එසේම තමන්ට අයත් වහාන විනාශවීමෙන් පසු ඔහු ඇතුළු කණ්ඩායම පාගමනින් පැන යාමට තැත් කළ නමුත් වරකදී එල්ල වූ ෂෙල් ප්‍රහාර හේතුවෙන් ගඩාෆි සිහිසුන් විය. එම මොහොතේදී ඔහු සමඟ සිටි අය අදාළ කොන්ක්‍රීට් නලය තුළට ඔහු රැගෙන ගියා විය හැකි; බව හෙතම සඳහන් කළේය. අවසන් මොහොත දක්වා කිසිම බයක් ගඩාෆිට නොතිබූ බව සඳහන් කරන හෙතම නගරයේ වාසය කළ ජනතාවට පැන යාම සඳහා සෑම විටම නිදහස ලබා දී තිබුණා පමණක් නොව නගරයට අහාර සහ ඖෂධ සැපයීමටද කිසිඳු බාධාවක් සිදු කළේ නැත. තමන් අවසන් මොහොත දක්වා ගඩාෆි සමඟ සිටි බව සඳහන් කරන ඩොව්, සටන පාරාජය වන බව දැනගත් විට කුඩා කණ්ඩායම් වශයෙන් විසිර ගිය බව සඳහන් කළේය.

කෙසේ වෙතත් නොටෝ සංවිධානයේ මුලිකත්වය යටතේ සිදු කරනු ලැබූ මෙහෙයුම් එනම් මුලික වශයෙන් ගුවන් ප්‍රහාර ඒ අනුව අවසන් වන අතර නේටෝ සංවිධානය තම මෙහෙයුම් වල ඉදිරිය ගැන අද ( ඔක්තොමර් 21) දැනුම් දීමට නියමිතය. ගඩාෆිගේ නික්ම යෑම ලිබියාවට සුළු පටු කාරණයක් නොවේ. සැබවින්ම රටක පැවතිය යුතු මුලික නීතීන අභිබවා තමන්ගේ හිතුමතේට රටක් අල්ලේ නැටවීම සිදුකළ ගඩාෆිට මේ අකාරයෙන් වන්දි ගෙවීමට සිදුවීම ස්වභාවිකය. මන්ද පාලනය වෙනුවට මර්ධනය තෝරාගත් ගඩාෆි කාලාන්තරයක් තිස්සේ තම පවුල්වාදය ශක්තිමත් කරමින් රටේ සියලුම නීතීන් තමන්ගේ සහ තම ඥාතීන්ගේ හිතුමතේට ක්‍රියාත්මක කරවීය. යුක්තිය වෙනුවට තම බලපරාක්‍රමය එකම නිතීය විය. එසේම රට තුළ ශක්තිමත් දේශපාලන කණඩායම් ගඩාෆිට විරුද්ධව ඇති විය. එය දියාරූ විය ගිය හෝ ප්‍රසිද්දියේ මහජනතාව උසීගන්වන ව්‍යාපාර වලින් ඔබ්බට ගිය ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති ව්‍යාපාර ලෙස වර්ධනය වීමට පටන් ගත්තේය. ඇතැම් අවස්තාවලදී විදේශයන් සිට ගඩාෆිගේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ බොහෝ දෙනෙක් යළි ලිබියාවට ගිය විට ප්‍රසිද්ධියේ එල්ලා මරණු ලැබුවේ තමාට එරෙහි මතවාදය කෙසේ හෝ පවත්වා ගැනීමටය. එසේම ගඩාෆි චරිතය අසාමාන්‍ය වීරත්වයක් අපේක්ෂා කළ අයෙකු වූ අතර ඇතැම් අවස්ථාවකදී ඔහු ආගමික සාන්තුවරයෙක් ලෙස තමන් හදුන්වා ගත්තේය. ඔහු පාලනය කළ කාලය පුරාම ඔහුගේ මනෝභාවය වෙනස් වූ අකාරය නිරීක්ෂණ කළ සී.අයි. ඒ. සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ මනෝවිද්‍යාඥයින් තොරතුරු රැසක් අනාවරණය කර ගත්හ. ඒ අනුව යමින් ඔවුහු ගඩාෆි සමඟ අමුතුම සෙල්ලමක නිරත විය. ඇතැම් විටක ඔහු කන්‍යාවන් තමන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා භාවිත කිරීම, සේම ඔහු භාවිතා කළ ලිබියානු සංස්කෘතියට අනුකූල වූ ඇඳුම් ආදී ගැන ඉතා සියුම් ලෙස අදාළ වාර්තාවල දැක්වේ. ලෝකයේ බලය ලබාගෙන ඒ සමඟ සෙල්ලම් කරමින්, බලයට සදාරණයක් ඉෂ්ට කිරීමට නොහැකි වන සියලුම නායකයින් මුහුණ දෙන සැබෑ යථාර්තය වන්නේ මෙයයි. තමන් පොදු නීතීන්ගෙන් රට ගලවා තමන්ගේ හිතුමතේට එය සිදු කිරීමට යෑමෙන් එය පුපුරා යන්නේ බලාපොරොත්තු නොවන ආකාරයෙනි. ඉතිහාසය තුළින් උගන්නා ඇති ප්‍රභල සේම වැදගත්ම පාඩම වන්නේ එයයි. එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. කළ යුත්තේ කාලයට යාමට ඉඩ දීම සහ නිසි කළ එන තෙක් නිවැරදිව වඩාත් ගැඹුරෙන් හැදෑරීමය.

කර්නල් ගඩාෆි සැබවින්ම සුවිශාල ජනප්‍රසාදයක් හිමි කරගත් නායකයෙකි. ඉතාම දිළිඳු පවුලට දාව උපන් ගඩාෆිගේ පියා ගොපල්ලකු ලෙස තම ජීවිකාව ගෙන ගිය බෙඩොයින්ය. සැබවින්ම වාර්තා වලට අනුව ඔහුගේ ජන්මලාබය සිදු වූයේ සිර්ටේ අසාන්න්යේ පිහිටි මධ්‍යධරනී මුහුදු සීමාවට අයත් වෙරළ තීරුවේ තනා තිබූ කූඩාරමක තුළදීය. භූගෝලය පිළිබඳව හදාරා ඇති ඔහු පසුව හමුදාවට එකතු විය. ඉන් පසු 1969 දී සිදු කළ කුමන්ත්‍රණයකින් පසු අන්ද්‍රිස් රජු බලයෙන් පහකොට බලය අල්ලා ගත්තේය. 70 දශකයේදී ඔහුගේ හරිත කෘතිය ඔස්සේ තම දේශපාලන දර්ශනය ඉදිරිත් කළ හෙතම එහිදී තමන් ලිබියාවේ පාලනය ස්ථාන ගත කරන න්‍යායන් පිලිබඳ අර්ථකතනයක් දීමට උත්සහ කළේය. හරිත කෘතියේ මූලික අරමුණ වූයේ 1969 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය සංස්කෘතික විප්ලවයක් ලෙස හැඳින්වීමය. අදාළ කෘතිය ලිබියාවේ සෑම තැනකම පාහේ බෙදා හැරුණු කෘතියක් වූ අතර බොහෝ දෙනෙක් අදාළ කෘතිය මාඕ සේතුංගේ රතු කෘතියට සමාන කළේය. එසේම එය ශුද්ධ වූ කුරාණය මෙන් සලකූ එකක් වූ අතර බොහෝ දෙනකු මාඕ සේතුංගේ රතු පොත කොන්ෆියුසියස් ඉගැන්වීම පිලිබ්නදව සලකා ඇති ආකාරයෙන්ම හරිත කෘතියටද අගාමික මුහුණුවරක් ලබා දුන්නේය. කොටස් තුනකින් සමන්විත අදාළ කෘතීය මඟින් ලිබියාවේ සමාජ ආර්ථික ක්ෂේත්‍රයන් හැඩ ගැසිය යුතු අකාරය පිළිබඳව විස්තර කොට තිබේ. බැලූ බැල්මට අලංකාර කෘතියක් වන මෙය නිකොලොයි මකියාවෙලී විසින් ලියු කුමාරයා කෘතියේ අභාසහය ලැබූ එකක් ලෙසද, ජීන් ශාක් රූසෝගේ දේශපාලන දර්ශනය මත පිහිටා ලිය වූවක් ලෙසද තේරුම් ගැනීම අතිශෝක්තියක් නොවේ. විශේෂයෙන් අදාළ කෘතියේ හඳුන්වා දුන් තෙවන විශ්වීය වාදය ජගත් දේශපාලනය තුළ බහුලව කතාබහට ලක් වූ අතර එහි මූලික හරය වූයේ කොමුයුනිස්ට්වාදය සහ ධනවාදය අතර මැද මාවතක් කෙරෙහි විස්වාශය තැබීම සාර්ථකත්වය කරා වූ මාර්ගය බව තර්ක කරනු ලැබීය. පාලනයේ මෙවලම් අතර බලය සඳහා පවතින අරගලයන් වල ප්‍රතිඵලයක් ලෙස සෑම දේශපාලන ක්‍රමයක්ම හැඳින්විය හැකිය, යනුවෙන් අදාළ හරිත කෘතිය ආරම්භයේදීම ගොඩ නගන තර්කයයි. පාර්ලිමේන්තුව වූ කලි වක්‍රාකාර ප්‍රජාතන්ත්‍රවාදයක් හෙවත් බෙදුම්වාදය සඳහා හේතුවන විවිධ අදහස ඇති නියෝජිතයන්ගේ ස්ථානයක් ලෙස දක්වන එහි බහු පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සඳහාද ගඩාෆි විසින් ඉදිරිපත් කර ඇති මුලික කාරණා වල හේතුවද ඒ ඔස්සේ නිර්මානය කොට ඇත. එසේම ගඩාෆි ජනමත විචාරණ වලටද විරෝධය පළ කරමින් එය ප්‍රජාතන්ත්‍රවිරෝධී දෙයක් ලෙස හඳුන්වාදෙන අයෙක් වන අතර ඒ සඳහා ඔහු හේතුව ලෙස ඉදිපත් කරන්නේ ඉතා සංකීරණ කාරණා සඳහා සම්පූර්ණ පැහැදිලිකිරීමක් නොකර ඔව් හෝ නැහැ යැයි කීම වැදගැම්මකට නැති කටයුත්තක් ලෙස ඉදිරිපත් කරයි. ජාතිය, ආගම, පවුල සහ කාන්තාව ආදී කාරණා ගැන ඉතා අලංකාර විග්‍රහයක් හෙතම තම න්‍යාය මඟින් හදුන්වා දුන්නේය.

පාලන ක්‍රමවේදය සහ ක්‍රමෝපාය අතින් ගඩාෆි බොහෝ දුරට ඉරාකයේ සදාම් හුසේන් හා සමාන පාලනයක් රැගෙන ගිය අයෙකි. බොහෝ දුරට දෙබිඩි පිළිවෙතක් බටහිර සමඟ ගනුදෙනු කිරීමේදී තමන්ට තිබුණු අතර තමන්ගේ පවුලේ සාමාජිකයින් හැර වෙනත් කිසිවෙකුත් කෙරෙහි ඔහු ප්‍රබලවිශවාසයක් තැබුවේ නැත. නමුත් උගන්ඩාවේ ඉඩි අමීන්, කියුබාවේ කස්ත්‍රෝ මෙන්ම සිරියාවේ අල බසීර් ඔහුගේ දේශපාලන මිතුරන් වූහ. මේ අතර ඔහු ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි, රජමනියේ ඇඩොල්ෆ් හිට්ලර්, රොමේනියාවේ නොකිලෝයි සීසෙකු , ඉරාකයේ සදාම් හුසේන් , රොමේනියාවේ ඉඔන් අන්ටෙන්ස්කෝ සහ රෆායල් ට්‍රුලිජෝ වැනි නායකයින්ට සාමන කරීමට ඇතැම් බටහිර මාධ්‍යන් යොමු වූහ. නමුත් ඔවුහු ඇමෙරිකානු, හෝ බ්‍රිතාන්‍ය නායකයින් විසින් සිදු කළ සමූහ ඝාතන ගැන කිසිවක් කියන්නේ නැත. මන්ද ඔවුන්ම කියන ආකාරයට ඒවා අයිතියක් නොමැති මිනිසුන්ගේ අයිතියක් වෙනුවෙන් කළ කැපකිරීම් හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන විප්ලවයන්ය. කෙසේ වෙතත් වසර හතළියක ගඩාෆි පාලනය අවසන් විය. දැන් එය අතීතයට අයත් වේ. ලිබියාවේ ඉදිරිය අභියෝගාත්මක වන අතර එය රැඳී පවතින්නේ එරට ජනතාව ඇත සහ බිහිසුණු විප්ලවයට දායකත්වය සැපයු බටහිර බලවේගයන්ය. මේ වන විටත් බටහිර පුවත්පත් වාර්තා කරන පරිදි ලිබියාවට පුර්ණ ස්වාධීන නිදහසක් ගඩාෆි ඝාතනයෙන් නොලැබෙන අතර එය 1969 ට පෙර පැවති බටහිර රූකඩයක් බවට පත් වීමට ඉඩ තිබේ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පුවත් පත් එරට දේශපාලඥයින් උපුටා දක්වමින් වාර්තා සඳහන් කරන අන්දමට යුද්ධය සඳහා බ්‍රිතාන්‍යට පමණක් වැය වූ මුදල පවුම් බිලියන් 1.75 කි. එය එනම් බ්‍රිතානයේ බදු ගෙවනනගේ මුදල් යළි කෙසේ හෝ ලිබියාවෙන්ම ලබා ගත යුතු බවත් ඒ සඳහා ලිබියාවේ තෙල් ලබා ගත හැකි බවත් ඔවුහු අවධාරණය කළහ. මෙය ආරම්භය පමණි. ඉරාකයේ සිදු වූදෙයම ඊටත් වඩා දරුණු ආකාරයෙන් ලිබියාවෙන් දැක ගත හැකි වනු ඇත. තම සගයා මිය ඇදෙන විට මහත් ආයාසයෙන් බලා සිටි ලිබියනුවන්ට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සිහිනයක පමණක් වනු ඇතිද? එය කාලය සමඟ බැඳී පවතින කාරණයකි.
ලිබියානු නායක ගඩාෆි උගන්ඩාවේ ඉඩි අමීන් සමඟ
ලිබියානු නායකයා කියුබාවේ ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ සමඟ

Tell a Friend