රාජපකිස්ථානයේ වියදම් : ඔයාට ‍මෙච්චරයි මට ‍මෙච්චරයි


අපි සං‍තෝසෙන් ඉන්නේ - අයියා මල්ලී වාගේ - අයියා මල්ලී වාගේ


2012 අය වැය ට කලියෙන් ආපු විසර්ජන පනත් කෙටුම් පත මරුය.

‍‍ගෝඪාභය රාජපක්ෂට රුපියල් බිලියන ‍දෙසිය තිහකි (රු. 230, 000,000,000.00).

බැසිල් රාජපක්ෂට රුපියල් බිලියන එකසිය හතරකි (රු. 104, 000,000,000.00).

මහින්ද රාජපක්ෂට රුපියල් බිලියන එකසිය විසිහතරකි (රු. 124, 000,000,000.00).

‍‍ගෝඪාභය රාජපක්ෂගේ ආරක්ෂක ආමාත්‍යංශයට රු. බිලියන් 230 ක් ලැබුනේ පසුගිය වසරේ ලැබුණු රු. බිලියන් 215 මදි වූ නිසාවෙනි (7% ක වැඩිවීමකි). බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන මාත්‍යාංශයට ලැබුණු රු. බිලියන 75 ‍මෙවර රු. බිලියන් 104 වී තිබුණි (%38 ක වැඩිවීමකි). මහින්ද රාජපක්ෂ ගේ මුදල් හා ක්‍රමසමිපාදන අමාත්‍යාංශයට ගියවසරේ ලැබුණේ රු. බිලියන් 72.5 කි (%71 ක වැඩිවීමකි).

‍ලංකාවේ සෞඛ්‍ය හා අධයාපන ය ඉතා ඉහල මට්ටමක පවතින බැවින් අමාත්‍යංශ සඳහා පිළිවෙළින් රු. බිලියන් 73 හා 33කි වෙන් කර තිබුණු අතර එය පසුගිය වසරට වඩා සොච්චමි වැඩි වීමකි.

මරුම කැපිල්ල තිබුනේ නැවත පදිංචි කිරී‍මේ අමාත්‍යාංශයටය පසුගිය වසරේ රු. බිලියන් 2.4 මෙවර මිලියන් 481 දක්වා අඩුකර තිබුණි.

යුද්‍දෙ ඉවරලු ත්‍රස්තවාදය තුරන් කරලලු. ලක්ෂ දෙකක් ඉන්න ආරක්ෂක හමුදාව‍, පාතාලය ඇරුණාම ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන බිලියන් ගාණ අහවල් කෙං ගෙඩියකට දැයි ඉස්පිරිතාලයේ ඉන්න වෙඩි වැදිචිච අධික්ෂක මන්ත්‍රීවර‍යාවත් දන්නවාදැයි සැකයකි. සමහරවිට දිස්ත්‍රික්කයක් ගා‍නේ හදන්න යන හමුදා කඳවුරු සඳහා සල්ලි ටිකක් වැඩියෙන් අවශ්‍ය වෙන්නැති.

‍මෙ ටිකත් මදි වි ගෝඪාභය උන්නැහේ ඔහු‍ගේ රක්නා ලංකා ‍සෙකියුරිටි ‍කොම්පැනියෙන් උසස් අධ්‍යාපන අමාංත්‍යංශයට ‍වෙන් කරපු සල්ලි ටිකෙනුත් ගානක් ගහන්නට යනවලු. විශ්ව විද්‍යාල වල ආරක්ෂාව මේ වන විටත් රක්නා ලංකා එකට කැබිනට් අනුමැතියකින් බාර දී ඇත්තේ කිසිම ටෙන්ඩර් කැඳවීමක් නොමැතිවයි. ඒ සඳහා රක්නා ලංකා එකට රු. මිලියන 700 ‍ගෙවන්න වෙනවා උසස් අධ්‍යාපනයට වෙන් කරපු සල්ලි වලින්. ටෙන්ඩර් කැඳවීම් කරපු වෙනදා විශ්ව විද්‍යාල වල ආරක්ෂාවට ගෙව්වෙ රු. මිලියන 200 කි (%250 ක වැඩිවීමකි).

පවුලේ එවුන් ව‍ටේ බිලියන ගණන් ‍ගොඩ ගහ ගහා අවුරුදු 42 ක් බලයේ හිටපු ගඩාපිට කාණුවක ‍ඉන්දැද්දි වෙඩි තියල තිබුණේ අද උදේ. 

- source
loopholes-loopholes.blogspot.com/

Tell a Friend