සංක්‍රමණික දෙමල ජනයා ආණ්ඩුවට විරුද්දයි - අමාත්‍ය සමරසිංහ


අමත්‍ය මහින්ද සමරසිංහ සංක්‍රමණික දෙමල ජනයාට දෝෂාරෝපණය කරන ලදී. ඒ ඔවුන් ආණ්ඩුවට සහ සමස්තයක් ලෙස රටට විරුද්දව වැඩ කරන බව කියමිනි.

රටේ ත්‍රස්තවාදී කටයුතු නොමැතිව ආරක්ෂාව පවතින විට එක සංක්‍රමණික දෙමල ජනයාට දැරීමට අසීරුයි. ගොඩක් සංක්‍රමණික දෙමල ජනයා පොහොසත්. ඔවුන්ට ආණ්ඩුවට විරුද්දව වැඩ කරන්න ප්‍රමාණවත් මුදල් තියෙනවා. ඔවුන් මෙම විරෝදතාව අනාගතයේදීත් සිදු කරනු ඇත.

ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී සිදු කරන මානව හිමිකම් කඩකිරීම් පිළිබද පරීක්ෂණ වලට තමන් බය නැති බවත් කිවේය. රටට හදිසි නීති තත්වයක් අවශ්‍ය නැති නිසා අපි ඉතා ඉක්මනින් හදිසි නිතිය ඉවත් කළා.

අපි රටට එරෙහිව එන ඕනෑම අබෝයෝගයකට මුහුණදීමට සුදානම්. ඔහු වැඩිදුරටත් කිවේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ රටවල ත්‍රස්තවාදී ක්‍රියා පාලනයට අලුත් නීති හදුන්වා දී ඇති බවයි.

අමාත්‍යවරයා මේ ප්‍රකාශය කලේ ප්‍රමුක පෙලේ සිංහල පුවත් පතකට ලබා දුන් සම්මුක සාකච්චාවකදීය.

හර්ෂි සි. පෙරේරා



Tell a Friend