සමාව දීම දේව ගතියකි

අමිල ගුණරත්න

1991මැයි 21දා තමිල්නාඩුවේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් වූ ශ්‍රී ලාංකික මුරුගන්, ශාන්තන් හා ඉන්දී ජාතික පෙරරිවාලන් යන සැප්තැම්බර් 09දා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය. නමුත් ලංකාව සමාව දීම පිළිබඳව ප්‍රකට රටකි. රජීව් ඝාතනයට කුමන්ත්‍රණ කල කේ. පී ට VIP සැලකිලිද ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කල ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇමතිකමක් ද දීමෙන්ද ලාංකිකයා තම ශිෂ්ඨ භාවය ලෝකයට පෙන්නුම් කරන ලදී., රහස් පොලිසිය විසින් මැලේසියාවේ සිටින රාජන් නමැත්තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද අධිකරණයට වාර්තා කොට තිබුණු නමුත් වැරදීම මනුෂ්‍ය ගතියක් නිසා ජනාධිපති විසින් මෛත්‍රී සහගතව ජොන්ස්ටන්ට සමාව දෙනු ලැබිය.

Tell a Friend