මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගොස් සරණාගත අයදුම්පත් පිළිබඳ විමසා තිබෙන බව ඊයේ (27) 'නිව්යෝර්ක් ටයිම්ස්' හි පළකර තිබේ.
මෙමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ පසුගිය සඳුදා දිනයේදී හඳුනානොගත් පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙම සේවිකාව පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ අතිශය රහස්‍ය තොරතුරු අනාවරණය කිරීමට බලකර සිටි බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශය පවසන බවයි. දේශපාලන රැකවරණ ඉල්ලමින් මෑතකදී ස්විට්සර්ලන්තයට පලාගිය පුද්ගල තොරතුරු ඇගේ ජංගම දුරකථනයේ දත්ත විවරණය කර ලබාදෙන ලෙසත් මෙම පලාගිය පිරිසට ආධාර කළ ලාංකිකයින් පිළිබඳ තොරතුරු ඇගෙන් විමසා තිබෙන බවත්ය.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (27) දින ප්‍රකාශ කළේ ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරි කරන සේවිකාවක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබෙන බවත් මෙය ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ බරපතල තර්ජනයක් බවත්ය.
ඊයේ (27) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක විසින් මේ පිළිබඳ ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පැවසුවේ මේ පිළිබඳ තවදුරටත් සොයාබලා ඒ ගැන පිළිතුරක් ලබාදෙන බවයි.
මෙරට සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවී සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඉල්ලා සිටි බව 'ද හින්දු' අද වාර්තා කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
Post a Comment