මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා (11) අවධාරණය කළේ, ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නොවන බවත් එය ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බවත්ය. මේ ප්‍රකාශය හෙළාදකින ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පවසන්නේ, මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව පවසන තැනැත්තෙකු මෙරටට වේ නම් ඔහු මෙරටට නොගැළපෙන බවයි.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ,
‘‘දන්න ඉතිහාසයට පළවෙනි වරට ලංකාවේ කිසිම කෙනෙක් කියලා නැහැ ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ කියලා. කවුරු හරි කියනවා නම් මේ රටේ පය ගහපු මනුස්සයෙක් මේක සිංහල බෞද්ධ රටක් නොවේ කියලා, ඒ මනුස්සයා මං හිතනවා මේ රටට ගැළපෙන පුද්ගලයෙක් නොවෙයි. ඒක කිව්වා කිව්වහම තවත් භයානකයි. රට නිකං පාලනයක් නැති, පාලකයෙක් නැති තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. නැත්නම් මේ රට ගෙනියන්න බැරිවෙයි අන්තිමේ. ඒ නිසි ත්‍රිවිද හමුදාවට බාරදෙන්න ඕන මේ රටේ මේ තත්ත්වය හදලා දෙන්න කියලා රජයට‘‘ යන්නයි.
සබැඳි පුවත්
Post a Comment