එදින රාත්‍රියේ කුඩුවේ සිටියදී එලියට ඇදලා අරගෙන මුනට හා කන් වලට පොලිස් නිලදාරීන් දෙදෙනෙක් පහර දුන්නා. "හිටපන් උඹව අල්ල ගන්නම්, උබට හයි කොට එකක් දාන්නම් , කෙස් ගොඩක් තියෙනවා" යනුවෙන් තර්ජනය කළා.
හර්ෂි සි. පෙරේරා
මම ඇහැරෙන කොට හිටියේ හෝමාගම රෝහලේ. ආයිත් මට නින්ද ගියා. සිදුවුණු දේවල් මතක නැහැ. නැවත ඇහැරෙන කොට සිටියේ කොලබ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ 72 වාට්ටුවේ.
මගෙන් හෙදියක් ඇහුවා මට මානසික අබාදයක් තියෙනවද කියලා. ඒ වෙලාවේ මගේ මත් ගතිය ටිකක් අඩුවෙලා තිබුනේ. එවිට මා හෙදියට කිවුවා ගල්කිස්ස පොලිසියේ නිලදාරීන් මට පහර දීලා පස්සේ බොන්නට බෙහෙත් පෙති වගයක් දුන්න බව. ඊට පස්සේ මත් ගතියක් දැනෙන බවත් නිදිමත එන බවත් ඇයට කිවුවා.
බාටගොදගේ දිනුෂ ජයලත් වන මට වයස අවුරුදු 25 යි. මම එක් දරු පියෙක් වන අතර රත්මලාන අත්තිඩිය පාරේ පදිංචිව සිටිමි. වැඩ කරන්නේ බ්‍රන්දෙක්ස් ආයතනයේය.
2011.08.25 වැනිදින මා හා මගේ මිතුරෙක් අතර පවුද්ගලික ආරවුලක් ඇති වුනා. ඒ අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ නිලදාරීන් 04 ක් පැමිණ මාව ත්‍රිරෝද රථයක දමා ගෙන පොලිසියට ගෙනිච්චා. එසේ ත්රිවිලයට නග්ග ගත්තෙත් මගේ බෙල්ලට හා ඔළුවට පහරදීලා.
එදින රාත්‍රියේ කුඩුවේ සිටියදී එලියට ඇදලා අරගෙන මුනට හා කන් වලට පොලිස් නිලදාරීන් දෙදෙනෙක් පහර දුන්නා. "හිටපන් උඹව අල්ල ගන්නම්, උබට හයි කොට එකක් දාන්නම් , කෙස් ගොඩක් තියෙනවා" යනුවෙන් තර්ජනය කළා.
![]() |
| පහරදිම නිසා වු තුවාල කැලැල් |
2011.08.26 උදේ උප පොලිස් පරීක්ෂක මනෝජ් මාව කුඩුවේ සිටියදීම ෂට් එකෙන් ඇදලා අරගත්තා. එවිට මුණ, නහය, කට යකඩ කුරු වල තදින් වැදුනා. තවද ඔහු මගේ කන් දෙකෙන් ඇද මුණ තදින් යකඩ කම්බිවල හැප්පුවා. මෙම පහරදීම නිසා මගේ කටින් නහයෙන් ලේ අවා.
පසුව මාව කුඩුවෙන් එලියට අරන් අපරාද අංශයට බාර දුන්නා. එහිදී උප පොලිස් පරීක්ෂක මනෝජ් "තාත්තා ඇමති නෙමෙයි ජනාදිපති ලගට ගියත් අපට කමක් නැහැ උබට හයි කෝට් එකක් දානවා" කියා තර්ජනය කළා.
ඉන්පසුව මනෝජ් සහ තවත් නිලදාරියෙක් මගේ එක් අතක් උරහිසට උඩින් හා අනෙක් අත උරහිසට යටින් සිටිනසේ පිටුපසට කර මාංචු දැම්මා. පසුව අත්දෙක අතරින් විකට් පොල්ලක් කෙලින් අතට දමා පිටිපස්සට අද්දා. එවිට මගේ එක් උරහිසක් පැන්නා. මට දැනුනේ මගේ අත් දෙක කැඩිලා යනවා වගේ. ඊට පස්සේ මාංචු ගලෝලා අත් දෙක උස්සපන් කියුවා. මට බැරි වුනා. ඊට පස්සේ මනෝජ් මගේ පිටු පසට විකට් පොල්ලකින් පස් හය පාරක් ගැහුවා.
නැවතත් දන ගස්සවා අත් දෙක බිත්තියට හේත්තු කරන්න කියා මනෝජ් නමැති නිලදාරියා විකට් පොල්ලෙන් මගේ යටි පතුල් වලට ගැහුවා.
පස්සේ මනෝජ් උබව පස්සේ අල්ල ගන්නම් කියා මට බොන්න බෙහෙත් පෙති වගයක් දුන්නා. 2011.08.27 දින මට ඇප ලැබුනා.
![]() |
| වයිද්‍ය වාර්තා |
2011.08.31 දින රෝහල් පොලිසිය මගෙන් කට උත්තරයක් ගත්තා. අදිකරණ වයිද්‍ය නිලදාරියා පරික්ෂා කරා. මගේ වම් කනේ ශල්‍ය කර්මයක් කල යුතු බව වයිද්යවරු කියා සිටියා. පසුව මාව ඇස කන නාසය පිළිබද සායනයකට යොමු කළා.
![]() |
| මගේ තාත්තා |
2011.08.29 දින මගේ තාත්තා ගල්කිස්ස පොලිසියේ නිලදාරීන් මට වදහිංසා පැමිණවීම පිලිබදව අදාල වගකිවයුත්තන්ට පැමිණිලි කර තිබෙනවා.
දැනට අප වෙනත් ප්‍රදේශයක ඥතියකුගේ නිවසක ජීවත්වෙනවා. මොකද පොලිස් නිලදාරින්ගෙන් එල්ලවන තර්ජන හමුවේ නැවතත් හිරිහැර වෙයි අපි බියෙන් පසුවන නිසා.





Post a Comment