නෙල්සන් එස්. එදිරිසිංහ
පසු ගිය 05 වෙනිදා යාපනයේ නාවන්තුරෙයි ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය නිසා තුවාල ලබා රෝහල් ගතව සිට අධිකරණයෙන් ඇප ලබා පැමිණි පිරිස ඇතුළු ගී්‍රස් යකා පිළිබඳ සිද්ධියෙන් කම්පනයට පත්ව සිටින ජනතාව හමුවීමට ගිය සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නාවාන්තුරෙයි පරලෝකමාතා දේවස්ථානයේදී එම ජනතාව අමතා ප්‍රකාශ කළේ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ප්‍රදේශයේ ජනතාවට සිදුවූ හානිය පිළිබඳ තමා බලවත් සිත් වේදනාවට පත්ව සිටින බවත් මේ පිළිබඳව සොයා බලා මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාවට ලබා දිය හැකි සහන ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.
එසේම තිඛෙන දේවල් රැක ගෙන විනාශවූ දේවල් නැවත ගොඩ නගා ගෙන දියුණුවට පත්වීමට අප සිතා ගත යුතු බවත් සැලසුම් සහගත ලෙස රජය අපහසුවට ලක් කිරීම සඳහා ජනතාව නොමග යවා නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කිරීමට ආණ්ඩු විරෝධී බලවේග කටයුතු කර ගෙන යන බවත් එම නිසා ඒවාට නොරැවටී කටයුතු කිරීමට ජනතාව වග බලා ගත යුතු බවද පැවසීය. තවද ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා එහි සිටි ජනතාවගේ ඉල්ලීම පරිදි තමා රාතිි්‍රයේ බයිසිකලයෙන් සංචාරය කරන බවද ප්‍රකාශ කළේය.
එසේම මෙදින රාති්‍රයේදී අමාත්‍යවරයා බයිසිකලයෙන් නැගී ගී්‍රස් යකා සැරිසරනවා යැයි කියූ යාපනය නගරය අවට සියළු ප්‍රදේශවල සංචාරය කොට ජනතාව හමුවී ඔවුන්ගේ භීතිය හා ත්‍රාසය තුරන් කිරීමට කටයුතු කළෙAය.
Post a Comment