ඉන්දීය මහා අධිකරණයේ බෝම්බ පිපිරීමක් : 9 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහා අධිකරණ භූමියේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙක් වන අතර තුවාල කරුවන්ගේ සංඛ්‍යාව 40 ඉක්මවා ගොස් ඇත. අදාළ ප්‍රහාරය පසුගිය ජුලි මාසයේදී 26 දෙනෙකු මරා දමමින් මුම්බායි හී පුපුරා ගිය බෝම්යට පසු සිදු ප්‍රථම සිදු වීම වේ. බෝම්බය උසාවී භුමියේ ගේට්ටුව ආසන්නයේ සඟවා තිබු සුට් කෙසයක රඳවා තිබු බවට අනුමාන කරන ආරක්ෂක අංශ එය ඉන්දීය මුජහිදීන් නමැති අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක විසින් සිදු කරන්නට ඇතැයි සැක පහල කොට ඇත. නමුත් සිද්දියට සම්බන්ධ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය පසුගිය පෙබරවාරි මාසයේදී 13 දෙනෙකු මරා දමමින් පූනේ හී සිදු වූ ප්‍රහාරය හා සමාන ආකාරයක් ගන්නා බව පැවසේ.

Tell a Friend