එක්සත් ජාතින් ශ්‍රී ලංකාවේ යුද අපරාද ගැන පරීක්ෂණ කල යුතුයි - ඇම්නේස්ටිය

එක්සත් ජාතින් 2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්දයේ අවසාන අදියර වලදී සිදු වූ යුද අපරාද පිළිබද අනිවාර්යෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය නැතිනම් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් කියා සිටි.

ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව ඒ පිළිබද සිදු කරන නිල පරීක්ෂණ සාවද්‍ය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට වඩා පහලින් සිටින බව ප්‍රකාශ වේ.

රටේ සිවිල් යුද්දය 2009 දී අවසන් විය. ඒ ආණ්ඩුවේ හමුදා දෙමල කොටි සටන්කාමීන් පැරදවීම මගිනි. දෙපාර්ශවයටම යුද අපරාද චෝදනා එල්ල වේ. නමුත් ඇම්නේස්ටිය කියන ආකාරයට යුද්දයේ අවසන් අදියරේදී සිවිල් ජනයා වැඩියෙන් මැරුම් කෑවේ ආණ්ඩුවේ හමුදා එල්ල කල ෂෙල් ප්‍රහාර වලිනි.

2010 මැයි මස ජනාදිපති මහින්ද චෝදනා විමර්ශනයට ජාතික කොමිසමක් පත් කළේය. ඒ උගත් පාඩම් හා සංහිදියා කොමිසමයි. නමුත් අම්නේස්ටිය පවසන ආකාරයට ඉන් සිදුවූ දෙයක් නැත.

සදුදා ආරම්බ වන සති තුනක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව ගැන සාකච්චා කිරීමට බලාපොරොත්තු වේ. එක්සත් ජාතීන්ගේ කමිටුව මිට ටික කලකට ඉහතදී කොමිසම ප්‍රමාණවත් නැති බව කියන ලදී.

කෙසේනමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව යුද අපරාද චෝදනා ප්‍රතික්ෂේප කරයි. යුද්දය පැවති ආකාරය සහ විරුද්දවාදියගේ දරුණු බව හමුවේ සිවිල් වැසියන් මරමුවට පත්වීම වැළැක්විය නොහැකි බව ආණ්ඩුවේ අදහසයි.

හර්ෂි සි. පෙරේරා



Tell a Friend