ප්‍රියදර්ශන ලියනගේ
බුත්තල "දැයට කිරුළ" ප්‍රදර්ශන භූමියේ තැපැල් සේවා අමාත්‍යාංශ ප්‍රදර්ශන කුටිය ඉදිකිරීම සඳහා අමාත්‍යාංශ ගබඩාවෙන් බුත්තලට රැගෙන ගිය රුපියල් ලක්‌ෂ පනහක් පමණ වටිනා භාණ්‌ඩ තොගයක් අතුරුදන් වී ඇතැයි තැපැල් සේවා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරුදන්වී ඇති භාණ්‌ඩ අතර සිවිලින් පෑන් හයක්, සිවිලිමට සවිකර තිබූ විදුලි බුබුළු තිස්‌පහක්, වර්ග අඩි 315 ක රතු පලසක්, ටියුබ් ලයිට් 24 ක්, ලිපි කියවන (නිකල්) ස්‌ටෑන්ඩ් එකක්, බිත්ති ආවරණ ප්‍රදර්ශන දැන්වීම්වලට දමා තිබූ විදුලි බුබුළු 27 ක්, පිවිසුම් දොරටුව අසල සවිකර තිබූ කහ පැහැති විදුලි බුබුළු තුනක්, අඩි දහඅට සහ අඩි අට ප්‍රමාණයේ ගැල්වනයිස් බට තොගයක් ඇතුළු භාණ්‌ඩ විශාල ප්‍රමාණයක් වේ.
මෙම භාණ්‌ඩ අතුරුදන් වීම පිටුපස තැපැල් සේවා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කීපදෙනකු සිටින බව මේ වන විට හෙළිවී තිබේ. නමුත් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව කිසිදු නීත්‍යනුකූල පියවරක් මේවනතුරුත් ගෙන නැත.

Post a Comment