සැමියා මියයැමෙන් පසු දරුවන් තිදෙනකුත් සමග මෙලොව තනිවූ තණමල්විල කිතුල්කොටේ ගම්මානයේ පදිංචිකාරියක වූ පුෂ්පා කාන්ති (32) තරුණ මවගේ දරුවන් තවමත් ඉතාමත් කුඩාය. තරුණ වියේදීම ඇයට ජීවිතයේ උසුලනු නොහැකි බරක් දරන්නට සිදුවී තිබේ. ජීවත් වන්නට මගක් නැති හෙයින්ම ඇයට දරුවන් ජීවත් කරවීමද ගැටලුවක්‌ව පවතී. ඇය හමුවේ කළ දුක්‌ගැනවිල්ලට සවන්දුන මැනවි.
" මගේ සැමියා ප්‍රේමරත්න. ඔහු පෙදරේරු වැඩකරමින් සිටියදී මියගියා. අපි අනාථ වුණා. කර ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලයි ඉන්නේ. මට දුවල දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. ලොකු දුව 7 වසරේ. පොඩි දුව තුන වසරේ එයාගේ පපුවේ සිදුරක්. කොළඹ බොරැල්ල රිඡ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. පොඩි පුතා 1 වසරේ එයාටත් හම්බන්තොට රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. ජීවත් වෙන්න විදියක් නැති නිසා මම ළමයි දාලා කෙසෙල් වගා වැඩකට යනවා දවසට රුපියල් 320 වැටුපට 20.00 ක් ලොරියේ කුලියට කපනවා උදේ 6.00 ඉඳලා හවස 2.00 වනතුරු වැඩ. දින 14 කට සැරයක් පඩිය ලැබෙනවා. එය හොඳටම මදි. අපි කියන්න බැරි තරම් දුකකිනුයි ජීවත්වන්නේ. කාට කියන්නද?"
පවුලේ ලොකු දුව චතුරිකා පැවසුවේ මෙවැන්නක්.
තාත්තා මැරුණට පස්‌සේ අපි අමාරුවෙන් ජීවත්වෙන්නේ. නංගියි මල්ලි දෙන්නම ලෙඩින්. අම්මා අපිට උගන්වන්න හරියට මහන්සි වෙනවා. මට ශිෂ්‍යත්ව විභාගයටත් ලියන්න බැරි වුණේ අඩුපාඩු නිසා. අපිට බැංකු පොත් නෑ. ටෙලිෆෝන් නෑ. අපිට කවුරු හරි උදව් කරනවානම්.
"මුදල් ඇනවුමක් මගින් පුෂ්පා කාන්තිට යවනවානම් ලිපිනය මෙන්න. එම්. ඒ. පුෂ්පා කාන්ති, 31 කණුව, කිතුල්කොටේ, තණමල්විල."

Post a Comment