බීජාණුහරණය සහ බීජෝත්පාඨනය

දිවයින කතුවැකිය


ගුවන හමුදා සෙබලා අතින් දුෂණයට ලක් වූ
 දැරියගේ මව සහ සහෝදරිය
සේවයෙන් පැන ආ ගුවන් හමුදා සෙබළකු මාතර අකුරැස්‌ස විදුහලේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයේදී දස හැවිරිදි සිසුවියක කෙළෙසීම ගැන ඊයේ (05) පුවත්පත්වල පළවී තිබිණ. සිසුවිය කෙළෙසෙන අතර විභාග මධ්‍යස්‌ථානය භාරව සිටි විභාග කාර්ය මණ්‌ඩලයේ සේවකයන් පස්‌ දෙනකු සහ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මත්පැන් සාදයක්‌ පවත්වමින් සිටියේලු· නේටෝ ප්‍රහාරයක්‌ එල්ලවී නැතත්, මේ රටේ සිවිල් පාලනය ඇතැම් තැන්වල ඉතා නරක ලෙස බිඳ වැටී තිබේ. පාසල්වල, මහ පාර මැද මෙවැනි ස්‌ත්‍රී දූෂණ සිදුවන්නේ ඉරාකය, ලිබියාව, යේමනය වැනි හරියාකාර ආණ්‌ඩුවක්‌ නැති රටවලය. එහෙත් ශ්‍රී ලංකාවේ හරියාකාර ආණ්‌ඩුවක්‌ තිබේ. නීත්‍යානුකූලව පත්වූ එම ආණ්‌ඩුවට බල තලද තිබේ. එම බලතල ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ආයතන හරහාය. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයේ සිටි භාරකරුවන් අයත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. මධ්‍යස්‌ථානයේ ආරක්‍ෂාවට හිටි පොලිස්‌ රාළහාමිලා අයත් වන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවටය. මේ දෙගොල්ල එකතුවී කසිප්පු ගසන විට ගුවන් හමුදාවෙන් පැන ආ විවාහකයකු සහ එක්‌දරු පියෙකු වන සල්ලාල කාලකණ්‌ණියකු දැරියක දූෂණය කරයි.· මේ විභාග මධ්‍යස්‌ථානය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දේපළකි. පසුගිය නිවාඩු කාලයේදී මෙතැන ගණිකා මඩමක්‌ හෝ මසාඡ් ක්‌ලිනික්‌ එකක්‌ තිබුණ බව ආරංචි වීමට ඉඩ තිබේ. එවිටද පුදුම වීමෙන් වැළකී සිටින ලෙස පුරුදු පරිදි ඉල්ලමු.

අපේ රට පිරිහෙන්නට ප්‍රධානතම හේතුව නීතිය නිසි පරිදි ක්‍රියාවේ නොයෙදීමයá එසේම නීතිය ක්‍රියාවේ යෙදුණත් වරදකරුවන්ට දඬුවම් නොදීමය. මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම නිසා අපරාධවල පැතිර යැම ඉතා විශාල වී තිබේ. එල්ලුම් ගස්‌ නො යවන මිනී මරුවා, සිය මරණ දඬුවම ජීවිතාන්තය දක්‌වා වූ සිරදඬුවමක්‌ බවට පත්වීම නිසා මහත් සේ සතුටට පත්වෙයි. ඔහු ආදර්ශයට ගන්නා සෙස්‌සෝද පෝළිමේ ගොස්‌ මිනී මරති. අඟුලානේ තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ මිනීමරු පොලිස්‌ කණ්‌ඩායමේ නායකයා වූ නිව්ටන් නමැති මිනීමරු ඕ.අයි.සී. අධිකරණය මගින් තමන්ට එරෙහිව මරණ දඬුවම නිකුත් කෙරුණු පසු බන්ධනාගාර බස්‌ රියට නැඟුණේ සිනාසෙමිනි. "මම මිනී මැරුවෙමි, එහෙත් එල්ලුම් ගස්‌ නො ගියෙමි" යන වගන්තිය ඒ සිනහව තුළ විය. කුඩු විකුණු පොට්‌ටු නවුµර් හිරේ සිටින ගමන්ම විනිසුරු සරත් අඹේපිටිය මැරවීය. හේතුව ඔහුගේ කුඩු නඩුව අසන ලද්දේ සරත් අඹේපිටිය නිසාය. මෙබඳු නීච සිද්ධියක්‌ සිදුවන සෑම විටකම ආණ්‌ඩුව විශාල හදිස්‌සියක්‌ මවාගෙන වැලිකඩ හිරගෙදරට යයි. එල්ලුම් ගහේ දිරාගිය කඹය වෙනුවට අලුත් කඹයක්‌ ඇණවුම් කරයි. ඒ මතුද නොව එල්ලුම් ගසේ තීන්ත ගා එය පිහිටි කාමරය පිරිසිදු කරයි. එහෙත් එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන අතර එහි කඹය යළිත් දිරාපත්වේ. මිනිස්‌සු දිගටම මිනී මරති. ආණ්‌ඩුව මිනිසුන් නො එල්ලන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුන්වන ලෝකයේ රටවලට ණය සහ ආධාර නොදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන යන නිල නොවන වැඩපිළිවෙල නිසාය. සිරකරුවන්ගේ අයිතීන් උදෙසා කටයුතු කරන ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් ගැන ඔත්තු බලා මූල්‍ය අරමුදලට කේලාම් කියයි. මූල්‍ය අරමුදල "ණය" අඩු කරන්නේ එවිටය. එහෙත් ඇමරිකාව මිනිසුන් විදුලි පුටුවට යෑවීම ගැන කිසිදු කේලමක්‌ නොකියනු ලැබේ. ඇමරිකාවට බලපෑම් කරන්නට ගිය දවසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලොක්‌කන්ට විදුලි පුටුවල වාඩි වීමට සිදු වනවා ඇත.

විභාග මධ්‍යස්‌ථානයේදී දැරිය දූෂණය කළ ගුවන් හමුදාවේ බිං ඌරාට දඬුවම් කිරීමේදී එම මධ්‍යස්‌ථානය භාරව සිටි රාළහාමිලාට සහ අධ්‍යාපන සේවකයන්ටද උපරිම "සාධාරණය" ඉටු කළ යුතුය. ගුවන් සෙබළා බඳු නීචයන්ට සුදුසු දඬුවම බීජාණුහරණය බව කෙනෙක්‌ කියනු ඇති. එහෙත් අප කියන්නේ බීජෝත්පාඨනය වැනි දඬුවමක්‌ වඩා සුදුසු බවය. විභාග භාර කාරයන්ට හා රාළහාමිලාට නම් කස පහර දුන්නත් මදිය.

Tell a Friend