කුසගින්න නිසා මරා දමන්නේ බිලිදුන් පමණක් නොවේ.

හර්ෂි සි. පෙරේරා
දැන් වයෝවුරුද්ද කාන්තාවන්ද මැරෙන්නට සැලැස්වීම දක්වා ශ්‍රී ලංකාවේ ජිවන වියදම ඉහල ගොස් ඇත. වැඩිහිටියනට සැලකීම යන සරදර්මය කුසගින්න හමුවේ වැළලී ගොස් ඇත. සත්ව හිංසාව ගැන කතා කරන අය මේවට මොකද කියන්නේ? උදේ සිට සවස් වනතුරු පිරිත් කියමින් බන කියමින් වැඩිහිටියන්ට සලකමුයි කියන පුජක පක්ෂය මේවට මොකද කියන්නේ?

සිය පුතු හා ලේලිය විසින් දින තුනක් තිස්සේ නිවස තුළ තනිකර නිවසට ඉබි යතුරු දමා ගොස් සිටි 70 හැවිරිදි වයෝවෘධ කාන්තාවක් නිවස තුළ ම මියයාමේ පුවතක් බුත්පිටිය පස්ගම්මන ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ඒ ඒ බේලින්නෝනා නමැති වයෝවෘධ කාන්තාවකි.

වැලිවේරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවසේ ඇඳක් මත නිර්වස්ත‍්‍රව මියගොස් සිටි එම කතගේ මළ සිරුර පසුගිය 31 වැනිදා රාත‍්‍රියේ සොයාගෙන තිබිණි.

ප‍්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම මළ සිරුර සොයා ගත්තේය.
නිවස තුළ හෝ හරිහැටි ඇවිදගත නොහැකි තත්ත්වයෙන් පසුවූ එම වයෝවෘධ කාන්තාව නිරාහාරව මියගොස් ඇති බව පොලසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙලිවී තිබේ.

තමන්ට දුර බැහැර ගමනක් යාමට තිබූ බැවින් මවව නිවසේ දමා ගිය බව ඇෙඟ් පුතු පොලිසිය කළ ප‍්‍රශ්න කිරීමේදී පවසා ඇත.

Tell a Friend