ලිබියාව : පශ්චාත් ගඩාෆි භූමිකාව

ගඩාෆිගේ මුලස්ථානය ආක්‍රමණය කිරීමට කැරලිකාර හමුදාව දැඩි යුද සටනක

අගෝස්තු 23 වඳින ට්‍රිපෝලි නගරයේදී කැරලි කරුවන්ගේ ග්‍රහණයට අසු වූ ගඩාෆිගේ හමුදාවට අයත් සනන්ද්ධ රථයකට නැගී ක්‍රීඩා කරන කුඩා දරුවෙකු රොයිටර් පුවත් සේවයේ කැමරා ශිල්පියෙකුගේ කැමරාවට හුසු වූ අයුරු.
කිෂානි වැලිවිටිගොඩ

වසන් ලේ බින්දුව දක්වා සටන් කරන බවට ගඩාෆි යළි යළිත් ප්‍රකාශ කලද වසර 42 ක ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය මේ වනවිට ඉතාම තීරනාත්මක ස්ථානයකට පැමිණ තිබේ. ට්‍රිපොලි අගනගරය ඇතුළු රටේ ප්‍රධාන ස්ථාන වල සටන් ඇවිලී යාමත් සමඟ ලිබියාවේ තීරණාත්මක අවධිය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වී තිබේ. එරට රාජ්‍ය රුපවාහිනීය සහ ට්‍රිප්ලෝ හී පිහිටි ගුවන් තොටුපල කරලිකරුන්වන්ගේ පාලනයට ගෙන ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි. ලිබියානු ජනාධිපති ගඩාෆිගේ පුත්‍රයන් දෙදෙනා කැරලි කරුවන් ග්‍රහණයට යටත් කර ගත් බව ඊයේ දිනයේදී වාර්තා වුවද අද දිනයේදී ලිබියානු ජනාධිපතිවරයේගේ පුත්‍රයා වන සයීෆ් මාධ්‍ය ඉදිරියට පැමිණීමත් සමඟ තත්වයෙහි පවතින ආන්දෝලනාත්මක තත්වය ගැන විවිධ මත පල වෙමින් තිබේ. එසේම මේ අතර ගඩාෆිගේ අනෙක් පුත්‍රයා වන මොහොමඩ් කැරලි කරුවන් ග්‍රහණයට හසු වුවද පසුව කැරලි කරුවන් අතරම සිටි අයවලුන්ගේ ආධාරයෙන් පැන ගොස් ඇත. මේ අතර ලිබියානු නායක ගඩාෆි රෝහල් ගත කර ඇති බව ඉරානයේ රුපවාහිනී නාලිකාව වාර්තා කළ අතර අල් ජසීරා රුපවාහිනී මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කරනු ලැබුවේ ගඩාෆිගේ හමුදාව ඔහුගේ උපන් ගම වන සිර්ට් ප්‍රදේශයට පලා යමින් සිටින බවයි.

මේ අතර ගඩාෆිගේ මුලස්ථානය වන බබ් අල් අසිස්යා අවට ඉතාම දරුණු ලෙස සටන් පවතින බව සියලුම මාධ්‍ය වලින් වාර්තා විය. නේටෝ සංවිධානයේ ගුවන් ප්‍රහාර සහ කැරලි කරුවන්ගේ ගොඩබිම මෙහෙයුම් අතිශය තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. එසේම ට්‍රිපොලි අගනගරයේ ප්‍රදේශ රැසක් කැරලිකාර හමුදාව විසින් අත් පත් කරගෙන ඇති නිසා ඊයේ සවස් කාලය වන විට ට්‍රිපොලි හී පිහිටි හරිත චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශ වල කැරලිකාර හමුදාව ජයඝෝෂා නගමින් ඔවුන්ගේ ජයග්‍රහණය සැමරු අයුරු විද්‍යුත් මාධ්‍ය මගින් දක්නට ලැබුණි. එහෙත් තවමත් ගඩාෆිගේ මුලස්ථානය අවට ආරක්ෂාවට යොදවා ඇති ගඩාෆිගේ හමුදාව විසින් යුද ටැංකි යොදා ගනිමින් කැරලිකාර හමුදාව වෙත ෂෙල් ප්‍රහාර එල්ල කරයි.

ට්‍රිපොලි හි නගර වැසියන් ප්‍රකාශ කර සිටින්නේ මේ දින වල එම ප්‍රදේශයේ දිගින් දිගටම සටන් පවතින බව හා ගඩාෆි හමුදාව කුඩා කණ්ඩායම් වශයෙන් ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් තැනින් තැනට පලා යමින් සිටින බවයි. ඇතැම් විට මෙය ඔවුන්ගේ යුද උපක්‍රමය වන්නට පුළුවන් බව බොහෝ දෙනාගේ මතය වී ඇත. මේ අතර පසු ගිය සෙනසුරාදා ට්‍රිපොලි නගරයට කැරලිකාර හමුදාව ප්‍රහාර එල්ල කිරීමට පෙර ගඩාෆි හමුදාව ප්‍රකාශ කර සිටියේ ආයුධ සන්නද්ද භටයින් 65000 කට ආසන්න ප්‍රමාණයක් අගනුවර ආරක්ෂාවට යොදවා ඇති බවය. ඔවුන් එසේ ප්‍රකාශ කර සිටියත් මේ වන විට ට්‍රිපොලි නගරයෙන් 80% ප්‍රමාණයක් කැරලිකාර හමුදාව අතට පත් වී ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වනවිට නගරය තුළ සිදු වූ සටන් වලින් 1500 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවට ලිබියානු රජයේ වාර්තා හා ගඩාෆි හමුදාවේ වාර්තා අනුව පෙනේ. මේ අතර මියගොස් ඇති අය අතර අහිංසක සිවිල් ජනතාවද සිටින බවට සඳහන් වේ.

ගඩාෆි හමුදාව ස්න්යිෆෙර් වලින් ප්‍රතිප්‍රහාර ප්‍රහාර එල්ල කිරීම හා යුද ටැංකි භාවිත කරමින් ෂෙල් ප්‍රහාර දිගින් දිගටම එල්ල කිරීම නිසා කැරලිකාර හමුදාව වෙත විශාල පීඩනයක් එල්ල වන බව යුධ විශේෂඥයින් විශ්වාස කරයි. මේ අතර ලිබියාවේ පවතින යුධ සටන් පිළිබඳව බටහිර රටවල නායකයන් විවිධ අදහස් පල කරමින් සිටිති. ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් ඇතුළු විවිධ නායකයින් ප්‍රකාශ කර සිටින්නේ ගඩාෆිගේ පාලනය අවසන් බවය. ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දේවල් ඒ අයුරින් ඉතාම ඉකමනින් සිදු වෙමින් පවතින බවයි. කෙසේ වෙතත් ලිබියාවේ දේශපාලන වෙනසක ගැන කතා කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා තම හමුදාව ලිබියාව යැවීම ප්‍රතික්ෂේප කොට ඇත.

මේ අතර ලිබියානු පාලන කවුන්සිලයේ ප්‍රධානි අබ්දුල් ජාලීල් ලිබියාවේ සිටින සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදු කරමින් කියා සිටින්නේ සියලුම දෙනාට එකමුතුව සිටින ලෙසටය. ඔහු මෙසේ ඉල්ලීමක් සිදු කිරීමට හේතු වී ඇත්තේ ගඩාෆි පාලනය සිදු වූ කාලයේ එකමුතුව සිටි නමුත් දැන් පවතින තත්වයත් සමඟම ලිබියාවේ වෙසෙන විවිධ ජන කොට්ඨාශ අතර පවතින මත භේද මතු වෙමින් පවතින බැවිනි. මේ හේතුවෙන් ලිබියාව විවිධ කොටස් වලට බෙදී යාමේ තර්ජනයක් නිර්මාණය වෙමින් පවතී.

ගඩාෆි පාලනය අවසන් කිරීමට මැද පෙරදිග රටවලින් මතු වූ විරෝධතා ව්‍යාපාරය හේතු වී වූ බව අවිවාදිතය. බටහිර රටවල් මෙය හැඳින් වුයේ "ආරාබි වසන්තය " ලෙසය. මෙම විරෝධතා ව්‍යාපාරය පදනම් කරගනිමින් පසුගිය පෙබරවාරි 17 වන දින ගඩාෆිට විරුද්ධව ප්‍රථම විරෝධතාවය ආරම්භ විය. මෙම විරෝධතාවය සෞදි අරාබිය හැර යේමනය, ජෝර්දානය වැනි ආරාබියේ රටවල් ගණනාවකම ව්‍යාප්ත කෙරිණි. මෙම රටවල් වල පවතින රජයන් මෙම විරෝධතා මර්දනය කිරීමට කටයුතු කිරීමට කළ නමුත් එට අසාර්ථක විය . මෙම විරෝධතා පටන් ගැනීමත් සමගම ටියුනිසියාවේ බෙන් අලිගේ පාලනය සහ ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ පාලනය ද බිඳ වැටිණි. බෙන් අලි රටින් පැන ගොස් ඇත. හොස්නි මුබාරක්ට එරහි නඩු විභාගය ආරම්භ වී ඇත. ඉන් ඔහු වැරදි කරු වුවහොත් ඊජිප්තු නිතීයට අනුව එල්ලා මරා දැමිය හැකිය. කෙසේ නමුත් දැනට ලිබියාවේ පවතින තත්වයට මුලික හේතුව වී ඇත්තේ ගඩාෆිගේ පාලනය මුලික අයිතිවාසිකම් රැකීමෙන් ඔබ්බට ගිය මර්ධනයේ වැඩපිළිවෙලක් වූ නිසාය. ගඩාෆි අවසන් වරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ට්‍රිපෝලි අගනගරය තවත් බැග්ඩෑඩ් නගරයක් වන බව සඳහන් කළේය. එහි යම් කිසි සත්‍යක් තිබේ. ඒ ගඩාෆිට ඇති සහයෝගය නිසා නොව බටහිර හමුදාවන්ට ඇති අකමැත්ත හේතුවෙනි. පෙළගැසෙමින් පවතින ප්‍රවණතාවය හමුවේ ඉඟි කරමින් ඇත්තේ තවත් පැය කිහිපයක් ඇතුලත ලිබියාවෙන් ඓයිතිහාසික පුවතක් ඇසීමට නියමිත බවයි. නමුත් එම පුවත නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව ඉරාකයේ ෆලුජා නගරයේ සිදු කරනු ලබූ ආකාරයේ ජනසංහාරයක් සිදු කොට එය ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිරුවෙන් වසා දැමුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ලිබියානු ආක්‍රමණය මඟින්ද සනාථ කරමින් ඇත්තේ යම් කිසි සිදුවීමකදී අවසන් සතුට හිමි කරගන්නා සතු ක්‍රමෝපායික හැකියාවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයද එසේ නොමැති නම් සැමුවෙල් හන්ටින්ටන් ප්‍රකාශ කළ ආකාරයේ සතුරෙකු නොමැති තැන සතුරෙකු නිර්මාණය කරගෙන පහරදීම මඟින් බලය තමන් අත රඳවා ගත හැකිය යන උපායෙහි භාවිතයක්ද යන්න තේරුම් ගැනීමට තවත් කාලයක් ගත වනු ඇත.

Tell a Friend