හර්ෂි සි. පෙරේරා
2008 අගෝස්තු 04 වැනිදා උපුල් සමන්ත රන්ජිත්ව මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවන ලැබිණි. වුර්තියෙන් ත්‍රිරෝද රථ රියදුරකු වූ ඔහු දෙදරු පියෙකි. හෙතෙම මේ පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සබාවට පැමිණිලි කරන ලදී.
කොමිසම මහරගම පොලිසිය ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීරණය කළේය. 2009 අගෝස්තු 07 වැනිදා ඒ පිළිබද කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කළේය. ඒ මහරගම පොලිසියේ ඔ.අයි.සි රුපියල් 2500 ක්ද පොලිස් සැරයන් වල්පොල රුපියල් 10000ක්ද පැමිණිලිකරුට වන්දි ලෙස ගෙවන ලෙසටයි. කොමිසම මේ නිර්දේශයේ පිටපතක් පොලිස්පතිවරයාටද යවනු ලැබිණි.
එහෙත් පොලිස් පත්වරයා හෝ මෙම චුදිත පොලිස් නිලදාරීන් කොමිසමේ නිර්දේශය තුට්ටුවකට මායිම් කලේ නැත.
මෙවැනි වදහිංසා පැමිණි සිද්දීන් රැසකදී මානව හිමිකම් කොමිසම දුන් නිර්දේශ පොලිසිය නොතකා ඇත.
මේ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දත් නැති කොටියකු හා සමානය. එය පිහිටක් වනේ රටේ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් එල්ලවන මානව හිමිකම් කඩවීම් පිළිබද චෝදනා වලදී අපට මානව හිමිකම් කොමිසමක් ඇති බවට පුරාජේරු කීමට පමණි.
Post a Comment