හර්ෂි සි. පෙරේරා
ශ්‍රී ලංකාවේ සියලු මහේස්ත්රත්වරුන්ට රිමාන්ඩ් බන්දනාගාර වලට ගොස් ඒවායේ තත්වය අදීක්ෂණය කිරීමට නයිතික වගකීමක් ඇත. ශ්‍රී ලංකාවේ මෙවැනි ප්‍රතිපාදන හදුන්වා දී ඇත්තේ රැදවුන් බාරයේ සිටින පුද්ගලයින්ට සිදුවන වදහිංසාව වැළැක්වීමටයි.වසර 06 ක් පුද්ගලයකුව රිමාන්ඩ් කර තිබීම බරපතල ලෙස වදහිංසා පැමිණවිමකි.
සැක අංක 760 නැතිනම් ඩබ්ලිවු මානෙල් වසර 06 ක් තිසේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ රැදවියකි. අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ අගේ නඩුවේ අංකය B 2585 වේ. නීතිපති යොමු අංකය CR 3/394/20 ය. ඇය වසර 06 ක් රිමාන්ඩ් එකේ ඉන්නේ නීතිපති උපදෙස් නොලැබීම නිසාය.
මනේල්ට වයස අවුරුදු දෙකේදී පෝලියෝ සැදී ඇත. ඇය පාසල් ගොස් නැත. අගේ මව මාකට් එකේ බඩු විකුණු අතර පියා කුලී වැඩ කළේය. මානෙල් විවාහ වූ අතර දරුවන් පස්දෙනෙකු ලැබීමෙන් අනතුරුව සැමියා ඇයව අතහැර ගියේය.
නඩු පමාවට විසදුම ලෙස රජය යෝජනා කරන්නේ උසාවි සහ විනිසුරුවරු වැඩි කිරීමයි. තවද දින පතා අපරාද නඩු විබාග කිරීමයි. එහෙත් මනේල්ට ඇප දීමට හෝ දඩුවම් නියම කිරීමට මේ කිසිවක් අවශ්‍ය නැත. නීතිපතිට සිය උපදෙස් දීමට යන්නේ වැඩිම වුනොත් පැය දෙකක කාලයකි.
බන්දනාගාර වලින් වාර්තා වන අන්දමට මහේස්ත්‍රත්වරු බන්දනාගාර වලට ගොස් තම නියෝග මත රිමාන්ඩ් කර සිටින රැදවියන් ගැන සොයා බලන්නේ ඉතා අල්ප මාත්‍ර වශයෙනි. ප්‍රතිපලය තවමත් නිර්දෝෂී පුද්ගලයින් වසර 06 ක් තිස්සේ රිමාන්ඩ් බන්දනාගාර වල වදහින්සාවට ලක්වීමය.
Post a Comment