"උඩුගම පොලිසිය අපේ අතේ" - ගංජාකාරයින්.

හර්ෂි සි. පෙරේරා,
නිලූකා ප්‍රියදර්ශනී

මේ සිද්දිය වුයේ 2011.06.17 වැනිදාය. දීපානි ජයසේකර උඩුගම පොලිසියේ ග්‍රාම ආරක්ෂක ලෙස සේවය කරන්නීය.

මෙදින අගේ නිවසේ මිදුලේ නාදුනන පුද්ගලයින් සිවු දෙනෙක් ගංජා පානය කරමින් සිට ඇත. නාලනී කහවත්ත මහත්මියගේ පුතුන් දෙදෙනා එනම් සිසිර කුමාර සහ තරිදු ලසන්ත ඔවුන්ට මේස ගංජා පානය නොකරන ලෙස ඔවුන්ට පවසා ඇත. එවිට ඔවුන් එවකොහෙද උඩුගම පොලිසිය සිටින්නේ අපේ අතෙයි පවසා ඇත.

ඊට පසු දීපානි ජයසේකර දුන් දුරකථන ඇමතුමකට පැමිණි උඩුගම පොලිසිය ගංජා කාරයින් නිදෙල්ලේ සිටියදී නාලනී මහත්මියගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාව උඩුගම පොලිසියට රැගෙන ගොස් වදහිංසා පමුණුවා ඇත. තවද ඔවුන්ට වියාජ නඩුවක් පවරා ඇති අතර ඔවුන් තවමත් ගාල්ල රක්ෂිත බන්දනාගාරයේ සිටින බව වාර්තා වේ.

උඩුගම පොලිසියේ ආශීර්වාදය ලැබූ දීපානි ජයසේකරගේ ගංජා සගයින් තවමත් නිරුපද්‍රිතව සිටිති. නාලනී මහත්මිය තම පුතුන් දෙදෙනාට වූ අසාදාරනය මානව හිමිකම් කොමිසන් සබාවට, පොලිස් කොමිසන් සබාවට, පොලිස්පතිට, දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල ජේස්ට පොලිස් අදිකාරිවරයට පැමිණිලි කර තිබේ.

නාලනී මහත්මියගේ පුතුන් දෙදෙනා රෝගී තත්වයන්ගෙන්ද පෙලෙන බව වාර්තා වේ. මෙම උඩුගම පොලිසියේ අත්තොනෝමතික අත්අඩංගුවට ගැනීමට සහ වියාජ නඩු පැවරීමට එරෙහිව උඩුගම ගම්වාසීන් පෙත්සමක්ද අත්සන් කර ඇත.


Tell a Friend